දහම් පාසලේ 15 වන සංවත්සර උත්සවය
එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකේය දරු දැරියනට සහ ප්‍රජාවට මහඟු සේවයක් ඉටු කරන අපේ දහම් පාසල, 2016 අප්‍රේල් 22 වැනි දින 15වන සංවත්සරය සමරන්නේ ඉමහත් ආඩම්බරයකිනි.
මෙම විශේෂ පියසටහන සැමරීමේ උත්සවය සංවිධාන කටයුතු දැනටමත් ආරම්භ වී ඇති අතර උත්සවය පිලිබඳ වැඩිදුර විස්තර යථා කාලයේදී දැනුම් දෙන බව කරුණාවෙන් සලකන්න. උත්සවය සැමරීම සඳහා සමරු කලාපයක් නිකුත් කිරීමට සංවිධායක කමිටුව තීරණය කර ඇති අතර එහි පළකිරීම සඳහා අප දහම් පාසලේ දරු දැරියන්ගේ රචනා, කවි, චිත්‍ර, චායාරුප සහ වෙනත් නිර්මාණ 2016 මාර්තු මස 11 වැනි දිනට පෙර දහම් පාසලේ සංවිධායක මණ්ඩලය වෙත ලැබෙන්නට සැලැස්වීමෙන් සහාය වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. මෙම නිර්මාණ ඔබ දරුවන් විසින්ම කල නිර්මාණ වියයුතු වන අතර ඒ බව දෙමාපියන් විසින් ලිපියකින් සහතික කලයුතුවේ. අපට ලැබෙන නිර්මාණ අතරින් විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරාගනු ලබන නිර්මාණ පමණක් සමරු කලාපයට ඇතුලත් කරන බව කරුණාවෙන් දැනුම් දෙමු.
මේ පිළිබඳ අවශ්‍ය විස්තර සඳහා අමතන්න: ප්‍රියංකා ඉඳුරුව මහත්මිය – 055 5287652
දහම් පාසලේ ඉතිහාසය කියවන්න