සිඟිති අලුත් අවුරුදු උත්සවය – චායාරුප බලන්න

අපේ දහම් පාසලේ 2016 වසරේ සිඟිති අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 7 වැනිදා සිකුරාදා ලතීඵා ක්‍රීඩාංගනයේදී අති උත්කර්ශවත් ලෙස පැවැත්වූ බව දන්වන්නේ ඉතාමත් සතුටිනි. කොන්සල් ජෙනරාල් චරිත යට්ටෝගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම උත්සවයට එම මැතිනියද පිලිප්පින, බන්ගලදේශ, ඉන්දීය කොන්සල් ජෙනරාල් වරුන් සහ ඉතාලි ව්‍යාපාරික සංගමයේ සභාපති තුමාද සහභාගී වීම අපට ගෞරවයක් විය.

උත්සව භුමිය පුරා උත්සවය අවසානය දක්වා රැදී සිටි අපේ දරුවන් සහ දෙමාපියන්, ශ්‍රී ලංකාවේදී තමන් හට අත් දැකීමට නොලැබෙන මෙවැනි අවස්ථාවක ප්‍රයෝජනය ගැනීමට උත්සුක වීම අපගේ උත්සව සංවිධායක මණ්ඩලය ලැබූ ජයග්‍රහණයක් බව සඳහන් කරන්නේ ඉතාමත් ආඩම්බරයෙනි.

උත්සවයේ චායාරුප බලන්න මෙතනින්…