2023-2024 අධ්‍යයන වසර සඳහා නවක සිසුන් බඳවා ගැනීම
අයදුම් පත් භාරගැනීමේ අවසාන දිනය: 2023 අගෝස්තු 31 වැනිදා
සුදුසුකම්:
1 වසර සඳහා දරුවන් ඇතුලත් කිරීම: 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 6 සම්පුර්ණ කරන, එක්සත් අරාබි එමීරයේ ජීවත්වන දරුවන් 2023-2024 අධ්‍යයන වසරට ඇතුලත් වීමට සුදුසුකම් ලබනු ඇත. මේ සඳහා අවශ්‍ය ලේඛන සහ වැඩි විස්තර, කොන්දේසි මාලාව සහ අයදුම් පත කියවීමෙන් ලබාගත හැක.
2 වසර සහ 3 වසර පන්ති සඳහා දරුවන් ඇතුළත් කිරීමක් සිදුනොකෙරෙන බව කරුණාවෙන් සලකන්න.
4 වසර සිට 8 වසර පන්ති සඳහා දරුවන් ඇතුළත් කිරීම සඳහා සිංහල, බුද්ධාගම සහ අපේ උරුමය විෂයයන් ආශ්‍රිතව සරල ලිඛිත සහ වාචික පරීක්ෂණයක් Zoom තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබන අතර එයින් ලබාගන්නා ප්‍රථිපල අනුව දරුවන් සුදුසු පන්තිවලට අනුගත කරනු ලැබේ. එම පරීක්ෂණය පැවැත්වෙන දිනය සංවිධායක කමිටුව විසින් පසුව දැනුම් දෙනු ඇත.
අයදුම්පත් භාරදීම:
දහම් පාසලට දරුවෙකු ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන සියලුම දෙමාපියන් අනුගමනය කළ යුතු පියවර:
පියවර 1:
දහම් පාසල වෙබ් අඩවියේ (http://dhahampasala.org/) ඇති 2023-2024 අධ්‍යයන වසර සඳහා නවක සිසු සිසුවියන් ඇතුලත්කිරීම සඳහා අදාළ අයදුම්පත, කොන්දේසි මාලාව සහ ඇමුණුම 1 හොඳින් කියවීම සහ අයදුම්පත සම්පූර්ණ කිරීමට අවශ්‍ය ලිපි ලේඛන සකසා ගැනීම.
පියවර 2:
එම වෙබ් අඩවියේ ඇති online අයදුම් පත නිසියාකාරව සම්පූර්ණ කර අයදුම්පත්‍රයේ සඳහන් ලේඛන සමග දරුවාගේ ඡායාරූපයක්, මව, පියා හෝ භාරකරුවන්ගේ ඡායාරූප සමග 2023 අගෝස්තු 31 වැනි දින රාත්‍රී 12:00 ට පෙර උඩුගත (upload) කිරීම.
පියවර 3:
2023 සැප්තැම්බර් මස 09, 16, සහ 23 දිනයන්හීදී සංවිධායක මණ්ඩලය සහ දහම් පාසලට දරුවන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන සියලුම දෙමාපියන් සමග, පැවැත්වෙන සාකච්ඡාවට, නියම කල වෙලාවට සහභාගී වීම. (අයදුම් පත් ලැබීමෙන් පසුව දිනය සහ වේලාව සඳහන් ආරාධනාව දැනුම් දෙනු ලැබේ) මෙදින දරුවාගේ ලියාපදිංචි අංකය ලබාදෙන අතර, ශිෂ්‍ය වාර්තා පොත සහ අනෙක් අවශ්‍ය පොත් පිළිබද වැඩි විස්තරද දහම්පාසල් අධ්‍යාපනයට අවශ්‍ය කරුණුද සාකච්ඡා කෙරෙනු ඇත.
සැ.යු. නියමිත දිනට පසුව එවන සහ ඉහත සදහන් පියවර සියල්ල අනුගමනය නොකළ අයදුම්පත්‍ර භාර නොගන්නා බව අවධාරණය කරමු.
වැඩි විස්තර ලබා ගැනීම සඳහා ලියන්න: email: dahampasaladubai@gmail.com