දහම් පාසලේ පන්ති පිරිසිදු කිරීම, මේස සහ බංකු සකස් කිරීම 2019 – 2020
ඔබගේ දරුවා ඉගෙන ගන්නා දහම් පාසල් ශාලාවේ පන්ති පිරිසිදු කර ඉතා ඉක්මනින් පන්ති සකස් කොට දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු ආරම්භ කර ගැනීමට ඔබගේ ශ්‍රම දායකත්වය අවශ්‍ය යි.
අදාළ පන්තියේ සියලුම දරුවන්ගේ දෙමාපියන් පැමිණියහොත් මෙම කාර්යය ඉක්මනින් කාර්යක්‍ෂමව නිමකොට සිංහල පාඩමට ඇති වටිනා කාලය විනාඩි 10කින් පමණ වැඩි කර ගෙන දරුවන්ට එම වාසිය ලබා දිය හැකි වනු ඇත.
මේ සඳහා පහත සඳහන් කාල සටහන අනුව අදාළ පන්තිවල දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන් වෙන්කර ඇති දිනයන්හිදී අදාළ වේලාවන් වලට අනුකූලව දහම් පාසලට පැමිණ මෙම උතුම් සේවයට සහභාගී විය හැක.
ඔබට වෙන්කර ඇති දිනය දැන්වීම සඳහා අදාළ දිනයට දින කිහිපයකට පෙර email පණිවිඩයක් මගින් දැනුම් දෙනු ඇත.
සැ.යු.: දරුවන්ගේ පහසුව සඳහා ඔබගේ ශ්‍රමදායකත්වය අවසන් වනතෙන් දරුවන් තම පන්තියේ නැවතී සිටිනු ඇත. ඔබට පැමිණීමට අපහසු නම් දරුවා පාසලෙන් පිටතට එවීම සඳහා කරුණාකර අපට දන්වා එවන්න.
