ළමා චිත්‍ර කුසලතා අගැයීම-2019-2020 – විශේෂ නිවේදනය – මාතෘකා
ඩුබායි දහම් පාසැල විසින් පවත්වන 2019-2020 අධ්‍යයන වසරේ ළමා චිත්‍ර කුසලතා අගැයීම, 2019 නොවැම්බර් මස 2 වැනිදා, සෙනසුරාදා පහත සඳහන් කාල සටහන අනුව දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙනු ඇත.
මාතෘකා:
- වයස් කණ්ඩායම් 6-8 සහ 8-10: අපේ අලුත් අවුරුදු උත්සවය
- වයස් කණ්ඩායම් 10-12, 12-14 සහ 14-16: පරිසරය සුරැකීමෙන් අපත් රැකේ
දිනය: 2019 නොවැම්බර් 02 සෙනසුරාදා.
වෙලාව:
- වයස් කණ්ඩායම් 12-14, 14-16: පෙ ව 9.00 සිට 12.00 දක්වා (පැය 3)
- වයස් කණ්ඩායම් 10-12 : පෙ ව 9.00 සිට පෙ ව 11.30 දක්වා ( පැය 2 විනාඩි 30)
- වයස් කණ්ඩායම් 6-8 සහ 8-10 : ප ව 12.30 සිට ප ව 3.00 දක්වා ( පැය 2 විනාඩි 30)
ස්ථානය: දහම් පාසල් ශාලාව 02
වැදගත්;
- වෙලාවට විනාඩි 15 ට කලින් දහම් පාසල් ශාලාව වෙත ඔබගේ දරුවා කැඳවාගෙන එන්න.
- හැඳුනුම් පත පැළඳීම අනිවාර්ය බව සලකන්න.
- දහම් පාසල පැවැත්වෙන දිනවලදී දැනට පවතින නීති රීති අනුව වාහන නැවැත්වීම ආදිය කල යුතුය. නීතිය කඩකිරීමේදී ඔබගේ දරුවාට දහම් පාසලේ ශිෂ්‍ය භාවය අහෝසි වනු ඇත. චිත්‍ර කුසලතා අගැයීමට සහභාගී වීමට අවසර නොලැබෙනු ඇත.
- දෙමාපියන් නියමිත වෙලාවට පැමිණ දරුවා ශාලාවට ඇතුලත් කර දහම් පාසල් පරිශ්‍රයෙන් පිටතට යන්න. කොන්සල් ජෙනරාල් කාර්යාලය, අවට මාර්ග වල සහ පල්ලිය අසල රැඳී නොසිටින්න.
- දරුවන් ආපසු කැඳවාගෙන යාම සඳහා: උදෑසන – පෙ ව 11.00 ට පසු සහ සවස – ප ව 2.00ට පසු පැමිණෙන්න.
- අයදුම් පත්‍ර භාර නොදුන් දරුවන් හට ශාලාවට ඇතුලත් වීමට අවසර නොලැබෙනු ඇත.
- කණ්ඩායම් සඳහා අදාළ ච්ත්‍ර මාතෘකා සඳහා දහම් පාසලේ වෙබ් අඩවියට පිවිසෙන්න. මාතෘකා වෙබ් අඩවියේ පලකරන දිනය පසුව දැනුම් දෙනු ඇත.
- මාතෘකාවට අදාළ නොවන චිත්‍ර, තරඟයෙන් ඉවත් කිරීමට සිදුවන බව සලකන්න.
- චිත්‍රය දහම් පාසලෙන් සපයන A3 ප්‍රමාණයේ සුදු කඩදාසියක ඇඳිය යුතු වේ. ඇඳීමට අවශ්‍ය දිය සායම්, පැස්ටල්, පාට පැන්සල් ආදිය රැගෙන එන්න. අනෙකුත් කොන්දේසි සඳහා අයදුම් පත සමග නිකුත් කල ඇමිණුම බලන්න.
- හොඳම චිත්‍ර, සංකෘතික අධ්‍යාපන කේන්ද්‍රය මගින් පත් කර ගන්නා ලද විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරාගනු ඇත. විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වන අතර ඒ සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවකට සංස්කෘතික අධ්‍යාපන කේන්ද්‍රය ඉදිරිපත් නොවනු ඇත.
- චිත්‍ර තරඟයට, ඔබගේ දරුවන් සඳහා අයදුම් පත් භාර දුන් නමුත් කිසියම් හේතුවක් නිසා ඇගයීමට සහභාගී වීමට නොහැකි නම් කරුණාකර 2019 ඔක්තෝබර් 28 වැනිදා, සඳුදා දිනට පෙර අප වත email මගින් දන්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු. සහභාගී වන දරුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා දහම් පාසලේ ගුරු මණ්ඩලය ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවෙන අතර, එසේ පහසුකම් සලසා, නොදන්වා සහභාගී නොවීම සියලුදෙනාගේ කාලය අපතේ යාමක් බව සලකන්න. එනිසා ඔවුනට සාධාරණයක් කිරීම සඳහා කරුණාකර මෙම දැනුම් දීම කරන ලෙස නැවතත් ඉල්ලා සිටිමු.
- ඇගයීම සඳහා අයදුම් පත් භාරදී, නොදන්වා ඇගයීමට සහභාගී නොවන දරුවන් හට ලබන වසරේ චිත්‍ර කුසලතා ඇගයීමට සහභාගී වීමට අවස්ථාවක් නොලැබෙන බවද කරුණාවෙන් දැනුම් දෙමු.
විස්තර සඳහා අමතන්න: මේනු : 055 3257190 චාන්දනී: 055 1177136