දයාබර දෙමව්පියන් වෙත
2019 අප්‍රේල් 15 යොමු අංකය 1819-053
දයාබර දෙමව්පියන් වෙත,
2019 අප්‍රේල් මස 19 වැනිදා සිකුරාදා උදෑසන 8.30 සිට දහම් පාසලේ පැවැත්වෙන 18 වන සංවත්සරය සැමරීමේ උත්සවයට දහම් පාසලේ සියලුම දරු දැරියන් (උදෑසන සහ සවස් වරු වල) සහභාගී වන නිසා සවස් වරුවේ පන්ති පැවැත්වෙන්නේ නැති බව ඉතා කරුණාවෙන් දැනුම් දෙමු.
කරුණාකර ඔබගේ දරු දැරියන් පෙ. ව. 8.30ට පෙර දහම් පාසල් ශාලාවට කැඳවාගෙන එන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.
දහම් පාසලේ දරු දැරියන් සියලු දෙනාගේ සහභාගිත්වය අපේක්ෂා කරමු.
ස්තුතියි,
සංවිධායක කමිටුව