සිසු සිසුවියන්ගේ විවිධ දක්ෂතා අගැයීම 2018- 2019
ඔබගේ දරුවන්ගේ දක්ෂතා සඳහා අවස්ථාවක් ලබාදීම මුල්කරගෙන, අප දහම් පාසල විසින් අගැයීම් මාලාවක් මෙම අධ්‍යයන වසරේ ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම ඇගයීම් පැවැත්වෙන දිනයන්, අයදුම් කිරීම සඳහා අවසාන දිනය, සහ වැඩමුළු ආදී වැඩි විස්තර පහතින් සඳහන් කරමු.
| දක්ෂතා ඛණ්ඩායම | අගැයීම් පැවැත්වෙන දිනය(න්) | අයදුම්පත් භාරගන්නා අවසන් දිනය | වැඩි විස්තර සහ අයදුම්පත |
|---|---|---|---|
| 1. කථික | 2018 දෙසැ. 14 සහ 21 | 2018 දෙසැ. 07 | goo.gl/forms |
| සැ.යු.: කථික දස්කම් ඉදිරිපත් කරන සිසු සිසුවියන් සඳහා වැඩමුළුවක් 2018 නොවැම්බර් 16 දා පැවැත්වේ. 4-8 දක්වා පන්තිවල සිසු සිසුවියන් සඳහා දහවල් 12:00 සිට 1:00 දක්වාද, 1-3 දක්වා සිසු සිසුවියන් සඳහා සවස 4:15 සිට 5:15 දක්වා මෙම වැඩමුළු දෙක පැවැත්වේ. | |||
| 2. පද්‍ය ගායනා | 2019 ජන. 18 සහ 25 | 2019 ජන. 11 | goo.gl/forms |
| 3. සිංහල කියවීම සහ, වැඩිම පොත් ගණනක් කියවීම | 2019 පෙබ. 15 සහ 22 | 2019 පෙබ. 08 | goo.gl/forms |
| 4. පිරිත් කටපාඩම් දීම | 2019 මාර්.15 සහ 22 | 2019 මාර්. 08 | goo.gl/forms |
ඉහත සඳහන් දිනයන් ඇතුළත දහම්පාසලේ වෙබ් අඩවියේ ඇති අයදුම්පත්‍ර පමණක් සම්පූර්ණ කල යුතු අතර email මගින් එවනු ලබන අයදුම්පත්‍ර බාර ගනු නොලැබේ.
අයදුම්පත්‍ර භාරදී යම් හෙයකින් සහභාගී වීමට නොහැකි වන්නේ නම් ඒ බව ලිඛිතව දැනුම් දීමට කාරුණික වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.