දෙමාපිය- ගුරු හමුව
ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වල ප්‍රගතිය පිළිබඳව සාකච්චා කිරීම සඳහා විෂයයන් භාර ගුරු මහත්ම මහත්මීන්, නොවැම්බර් මස 2 වැනිදා, සිකුරාදා දින පහත සඳහන් වේලාවන්හිදී දහම් පාසලේදී හමුවිය හැක.
2018 නොවැම්බර් මස 02 වැනිදා;
උදය වරුව- 4 වසර සිට 8 වසර පන්ති: පෙ ව. 10.30 සිට 11.30දක්වා
සවස් වරුව – 1, 2 සහ 3 වසර පන්ති: ප ව. 3.00 සිට 3.50දක්වා
මෙම අවස්ථාවට නොවැරදීම සහභාගී වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු. මෙම හමුවේදී ඔබගේ දරුවාගේ ශිෂ්‍ය වාර්තා පොතේ (SRB) ඔබගේ පැමිණීම සහ පන්ති/ විෂය භාර ගුරු මහත්ම මහත්මීන්ගේ සටහන් තිබේනම් ඒවාද සඳහන් කරගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. දහම් පාසලේ ගුරු මහත්ම මහත්මීන්ට හෝ සංවිධායක කමිටුවට ඔබගේ පණිවිඩ/ අදහස් දැන්වීමට ඇත්නම්, ඒ සඳහා ශිෂ්‍ය වාර්තා පොතේ වෙන්කර ඇති පිටුවල සඳහන් කර එවන මෙන්ද කරුණාවෙන් දන්වා සිටිමු.
ගුරු හමුව ඉහත සඳහන් කාල සීමාවන් අතර පමණක් සිදුකෙරෙන බව කරුණාවෙන් සලකන්න