2018-2019 අධ්‍යයන වසරේ වාර්ෂික මහා සභා රැස්වීම

2018-2019 නව අධ්‍යයන වසරේ දහම් පාසල් වාර්ෂික මහා සභා රැස්වීම 2018 ඔක්තෝබර් 06 වැනිදා සෙනසුරාදා පෙ. ව. 9:00-12:00 දක්වා දහම් පාසල් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.   

[කලින් දැනුම් දුන් පරිදී සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිතව තිබු මහා සභා රැස්වීම මේ අනුව නොපැවැත්වෙන බවද කරුණාවෙන් දැනුම් දෙමු.]

අපගේ දූදරුවන් යහපත් ගුණගරුක පුරවැසියන් ලෙසට මවුබිමට දායද කිරීම සඳහා අපමණ වෙහෙසක් දරා පවත්වාගෙන යන මෙම ජාතික මෙහෙවරින් දැයේ දරුවන්ට උපරිම ප්‍රයෝජන ලබා දීමට දෙමාපියන් ලෙසට ඔබගෙන් ලැබෙන දායකත්වය අප ඉතා අගය කර සිටිමු. අප දූදරුවන්ට සාර්ථක/ උසස් දහම්පාසල් අධ්‍යාපනයක් ලබාදීම සඳහා දෙමව්පියන් වශයෙන් ඔබගේ සහයෝගය කුමන ආකාරයකින් වියයුතුද, දහම් පාසලේ ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගන්නේ කෙසේද යන කරුණු සාකච්ඡා කර විධිමත් ලෙසට සැලසුම් සම්පාදනය කිරීම මෙම රැස්වීමේ මූලික අභිප්‍රායයි. එබැවින් මෙම රැස්වීමට සහභාගී වීම ඔබගේ වගකීමක් බව කරුණාවෙන් සලකන්න.

මෙම රැස්වීම සඳහා උදේ වරුවේ, දහවල් වරුවේ සහ සවස් වරුවේ පන්ති වලට සහභාගී වන සියලුම දරුවන්ගේ දෙමාපියන් සහ නව අධ්‍යයන වසරේ 1 වසර සඳහා දරුවන් ඇතුලත් කල දෙමාපියන් හට ආරාධනය කර සිටින අතර ඔබ සැමගේ සහභාගීත්වය අනිවාර්ය බව නැවතත් අවධාරණය කර සිටිමු.

කරුණාකර දරුවාගේ ශිෂ්‍ය වාර්තා පොත රැගෙනවිත් එහි ඔබගේ පැමිණීම සනිටුහන් කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

සැ.යු.: මෙම වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීමට සහභාගී වන ඔබ සැම දහම් පාසලේ දැනට ක්‍රියාත්මක වන වාහන නැවැත්වීමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට කාරුණික වන මෙන් මතක්කර සිටිමු.