වෙසක් ළමා සිල් පිංකම – 2017
අප දහම් පාසලේ දරු දැරියන් සඳහා විශේෂිත වූ සිල් පිංකමක් මැයි මස 12 වැනිදා සිකුරාදා දහම් පාසල් ශාලාවේදී පැවැත්වීමට සුදානම් කර ඇති බව ඉතා කරුණාවෙන් දැනුම් දෙමු.
දහම් පාසල් ශාලාව භාවිතා කිරීම පිලිබඳ දැනට තිබෙන තත්වය ගැන සලකා බලා මෙම සීල සමාදානය දරුවන් සඳහා පමණක් පැවැත්වෙන අතර දෙමාපියන්ගේ සහභාගිත්වය ( සිල් සමාදන්වීමට හෝ උපකාර කිරීමට) අවශ්‍ය නොවන බවද කරුණාවෙන් දැනුම් දෙමු.
දහම් පාසල් දරුවන්ගේ සහෝදරයින් සහ සහෝදරියන්ටද (වයස අවුරුදු 6 ට වැඩි) මෙදින සිල් සමාදන් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
පින්කමට අවශ්‍ය පුජා භාණ්ඩ සහ දානය (ආහාර) ආදිය බාරගත් දෙමාපියන් එම ද්‍රව්‍යයන් දහම් පාසල් ශාලාවට ගෙනැවිත් භාරදෙන්න.
දරුවන්ගේ පැමිණීමේදී සහ පිටත්වීමෙදී පැවතිය හැකි තදබදය වැළැක්වීම සඳහා පහත සඳහන් වේලාවන් අනුව පමණක් දරුවන් ශාලාවට රැගෙන ඒම සහ රැගෙන යාම සිදු කල යුතු බව අවධාරණය කරමු. දරුවන් දෙදෙනෙකු (වයස් සීමා දෙකක) රැගෙන එන දෙමාපියන් එක් දරුවෙකුට අදාළ වෙලාවට රැගෙන එන්න.
1. උදෑසන 7.30 සිට 8.00 දක්වා: දරුවන්ගේ පැමිණීම
- 4,5,6,7,8 වසර දරුවන්: උදෑසන 7.30 සිට 7.40 දක්වා
- 2 සහ 3 වසර දරුවන්: උදෑසන 7.40 සිට 7.50 දක්වා
- 1 වසර දරුවන්: උදෑසන 7.50 සිට 8.00 දක්වා
2. උදෑසන 8.00: සීල සමාදානය ආරම්භය / අට සිල් සමාදන් වීම
3. දහවල් 12.30 සිට 1.30 දක්වා: දරුවන්ගේ පිටත් වීම
- 1 වසර දරුවන්: දහවල් 12.30 සිට 12.45 දක්වා
- 2 වසර දරුවන්: දහවල් 12.45 සිට 1.00 දක්වා
- 3 සහ 4 වසර දරුවන්: දහවල් 1.00 සිට 1.15 දක්වා
- 5,6,7,8 වසර දරුවන්: දහවල් 1.15 සිට 1.30 දක්වා
වැදගත් උපදෙස්:
♦ දෙමාපියන් දානය රැගෙන ඒම;
- හීල් දානය උදෑසන 8.00ට පෙර
- දහවල් දානය උදෑසන 10.00ට පෙර
- වියලි ආහාර, බීම වර්ග, වතුර ආදිය පෙර දින සවස ගෙනවිත් භාර දෙන්න.
♦ පින්කමට අවශ්‍ය දානය සහ අනෙකුත් ද්‍රව්‍යයන් සියල්ලම සම්පුර්ණ වී ඇති බව බව කරුණාවෙන් දැනුම් දෙමු.
♦ දෙමාපියන් සඳහා දන්සැලක් පැවැත්වෙන්නේ නැති බව සලකන්න.
♦ දරුවන් දහම් පාසල ශාලාවට කැඳවාගෙන විත් අපට භාරදී කරුණාකර කොන්සල් ජෙනරාල් කාර්යාල පරිශ්‍රයෙන් පිටත් වෙන්න. මෙම ස්ථානයේ හෝ අවට හෝ පාරවල් වල රැඳී සිටීමෙන් වලකින්න.
♦ ගුරු මණ්ඩලය සහ දෙමාපිය කමිටු සාමාජිකන් දරුවන් හට අවශ්‍ය සෑම පහසුකමක්ම සපයනු ඇත.
♦ සිල් සමාදන් වීමේදී අවශ්‍ය පත්කඩය (සුදු රෙද්ද) කරුණාකර දරුවන් හට සපන්න.
මෙදින සාමාන්‍ය දහම් පාසල් දිනයකදී අදාළ (වාහන නතර කිරීම ආදී) සියලුම කොන්දේසි තරයේ අනුගමනය කල යුතු බව අවධාරණය කරමු. ආහාර (දානය) රැගෙන එන දෙමාපියන්ද වාහන නැවැත්වීම අදාළ කොන්දේසි අනුව සුදුසු ස්ථානයක වාහනය නවත්වා දානය රැගෙන ආ යුතු බව ඉතා කරුණාවෙන් දැනුම් දෙමු.