තුන් සුත්‍රය කට පාඩම් දීමේ තරඟය

මාර්තු මස 17 වැනිදා සිකුරාදා දහම් පාසල් කාල සීමාව තුල සිදු කෙරෙන බව කරුණාවෙන් දැනුම් දෙමු.

කලින් අයදුම් පත්‍ර භාර දුන් දරුවන් හට සුත්‍ර කට පාඩම් දීමට ඉදිරිපත් විය හැක.

තුන් සූත්‍රය කටපාඩම් දීමේ පළමු, දෙවන සහ තෙවන අදියරයන් ඉතා සාර්ථක ලෙස පසුගිය වසර තුන තුළ පවත්වන්නට යෙදුනි. මෙම වසරේ සිට සුත්‍ර තුනම එක තරගයක කොටස් ලෙසට 2017 මාර්තු මස 17 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත. එක සූත්‍රයක් හෝ එහි කොටසක් වයස් ඛාණ්ඩ අනුව සජ්ජායනය කිරීමෙන් මෙම තරගයට සහභාගී විය හැක. තරගයේ ව්‍යුහය සඳහා අයදුම්පත කියවන්න.

පසුගිය තරඟ වලට සහභාගී වී සම්පුර්ණ සූත්‍ර කටපාඩම් දී කුසලාන ලබා ගත් දරුවන්ට ද මෙම තරඟයට සහභාගී විය හැකි නමුත් කුසලාන නැවත නොදෙන බවත් සහභාගී වීම සඳහා සහතික පත්‍රයක් ලබා දෙන බවත් කරුණාවෙන් සලකන්න.

මෙම තරඟයට උපකාරී වන ශ්‍රවනයට සහ කියවීමට නිර්දේශිත මූලද්‍රව්‍ය දහම්පාසල් වෙබ් අඩවියෙන් ලබාගත හැක. ඔබ සැම දරුවන් සමඟ මෙම සූත්‍රයන්ට සවන්දීම, නිවසේදී සජ්ජායනා කිරීම දිනපතා සිදුකරනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.

මහා මංගල සූත්‍රය: ශ්‍රවනයට, කියවීමට, අයදුම්පත්‍රය, තේරුම
කරණීය මෙත්ත සූත්‍රය: ශ්‍රවනයට, කියවීමට, අයදුම්පත්‍රය, තේරුම
රතන සූත්‍රය: ශ්‍රවනයට, කියවීමට, අයදුම්පත්‍රය, තේරුම