ඔබගේ දරුවාගේ පන්තියේ මේස සහ බංකු සකස්කර ගැනීමට සහයෝගය දෙන්න
දහම් පාසලේ 2016-2017 අධ්‍යයන වසරේ සිට ආරම්භ කරන්නට යෙදුනු වාර (sessions) තුනක පන්ති පැවැත්වීම නිසා එක වාරයක අවසානයේ සිට අනෙක් වාරයේ ආරම්භය දක්වා ඇති කාලය පැය භාගයකට සීමා කරන්නට සිදුවිය. මෙම සීමාසහිත කාල වෙලාව ඇතුලත පන්ති වල මේස සහ බංකු සකස් කර ගැනීමට වැඩි දෙනෙකුගේ සහයෝගය අවශ්‍ය වී ඇත. දෙමාපියන්ගේ සහයෝගය නොලැබෙන නිසා, දහම් පාසලේ ගුරුවරියන් විසින් මෙම වැඩ කොටස සිදුකිරීමට සිදුවී ඇති බව ඉතාමත් කනගාටුවෙන් දැනුම් දෙමු.
මෙම කර්තව්‍යය ඉක්මණින් නිමකරගැනීම සඳහා දෙමාපියන්ගේ සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරමු. පහත සඳහන් කාල සටහන අනුව අදාළ පන්තිවල දරුවන්ගේ දෙමාපියන් හට දහම් පාසල් ශාලාව තුලට පැමිණ ඔබගේ දරුවන් රැගෙන යාමට පෙර පන්ති වල මේස සහ බංකු සකස් කර දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු. මේ සඳහා ඔබගෙන් ලැබෙන සහයෝගය අප ස්තුතිවන්ත වෙමු. පන්තියේ සියලුම දරුවන්ගේ දෙමාපියන්ගේ සහයෝගය ලදහොත් මෙම කාර්යය විනාඩි 10 කට වඩා අඩු කාලයකින් නිම කරගත හැකි වනු ඇත.
සටහන:
දරුවන්ගේ පහසුව සඳහා දහම් පාසල් අවසානයේදී ඔබ පැමිණෙන තුරු ඔබෙගේ දරුවන් දහම් පාසලේ නැවතී සිටිනු ඇත. ඔබට පැමිණීමට අපහසුනම් දරුවා පාසලෙන් පිටතට එවීම සඳහා කරුණාකර අපට දන්වා එවන්න.
