දහම් පාසැල් අධ්‍යයන කටයුතු 2017 ජනවාරි 20 වැනිදා නැවත ආරම්භ කිරීම
කලින් දැන්වූ පරිදි තාවකාලිකව නවත්වන ලද අප දහම් පාසල ජනවාරි 20 වැනිදා සිකුරාදා නැවත ආරම්භ කරන බව කරුණාවෙන් දැනුම් දෙමු.
ජනවාරි මස 13 දා පැවැත්වූ විශේෂ රැස්වීමට සහභාගී වී එදින නැවත ලියාපදිංචි කිරීමේදී නිකුත් කරන ලද හැඳුනුම් පත් ලබාගත් දරුවන් පමණක් එම හැඳුනුම් පත සමග ජනවාරි 20 වැනි දා සිට දහම් පාසලට සහභාගී විය හැක.
මෙම විශේෂ රැස්වීමට සහභාගී නොවී නැවත ලියාපදිංචි නොකරන ලද දරුවන් මෙදින (ජනවාරි 20 දා) දහම් පාසලට ඇතුලත් කර නොගන්නා අතර එම දරුවන් හට නැවත දහම්පාසලට සහභාගී වීමට අදාල විශේෂ දැන්වීමක් අද දින නිකුත් කරන බව සලකන්න.
ඔබ සියලු දෙනා අත්සන් කර එකඟ වූ කොන්දේසි මාලාවට සහ ජනවාරි මස 13 දින පැවැත්වූ රැස්වීමේදී අප විසින් දැනුම් දුන් කොන්දේසි වලට අනුකුලව ඔබගේ දරුවා පාසලට රැගෙන ඒම සහ රැගෙන යාම සිදුකිරීම අත්‍යවශ්‍ය වනු ඇත.