ළමා චිත්‍ර තරඟය 2017

ඩුබායි දහම් පාසැල විසින් පවත්වන වාර්ෂික ළමා චිත්‍ර තරඟය 2017 පෙබරවාරි මස 18 වැනිදා සෙනසුරාදා පහත සඳහන් කාල සටහන අනුව දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙනු ඇත.

දිනය: 2017 පෙබරවාරි 18 සෙනසුරාදා.

වෙලාව:
වයස් කණ්ඩායම් 5-7 සහ 7-9 : පෙ ව 9.00 සිට 11.30 දක්වා (පැය 2 වි 30)
වයස් කණ්ඩායම් 9-11,   11-13,   13-16: ප ව 12.00 සිට 3.00 දක්වා ( පැය 3.00)

ස්ථානය: දහම් පාසල් ශාලාව

වැදගත්;

  1. වෙලාවට විනාඩි 15 ට කලින් දහම් පාසල් ශාලාව වෙත ඔබගේ දරුවා කැඳවාගෙන එන්න.
  2. දහම් පාසල පැවැත්වෙන දිනවලදී දැනට පවතින නීති රීති අනුව වාහන නැවැත්වීම ආදිය කල යුතුය. නීතිය කඩකිරීමේදී ඔබගේ දරුවාට දහම් පාසලේ ශිෂ්‍ය භාවය අහෝසි වනු ඇත.
  3. නියමිත වෙලාවට පැමිණ දරුවා ශාලාවට ඇතුලත් කර දහම් පාසල් පරිශ්‍රයෙන් පිටතට යන්න. කොන්සල් ජෙනරාල් කාර්යාලය අසල රැඳී නොසිටින්න.
  4. දරුවන් ආපසු කැඳවාගෙන යාම සඳහා: උදෑසන – පෙ ව 10.30 ට පසු සහ සවස – ප ව 2.00ට පසු පැමිණෙන්න.
  5. අයදුම් පත්‍ර භාර නොදුන් දරුවන් හට ශාලාවට ඇතුලත් වීමට අවසර නොලැබෙනු ඇත.
  6. කණ්ඩායම් සඳහා අදාළ චිත්‍ර මාතෘකා සඳහා අමුණා ඇති පත්‍රිකාව බලන්න.
  7. දරුවාගේ වයස් කණ්ඩායමට අදාළ මාතෘකාවක් පමණක් අනුව චිත්‍රය ඇඳීමට උපදෙස් දෙන්න. කණ්ඩායමට අදාළ නොවන චිත්‍ර, තරඟයෙන් ඉවත් කිරීමට සිදුවන බව සලකන්න.
  8. චිත්‍රය දහම් පාසලෙන් සපයන A3 ප්‍රමාණයේ සුදු කඩදාසියක ඇඳිය යුතු වේ. ඇඳීමට අවශ්‍ය දිය සායම්, පැස්ටල්, පාට පන්සල් ආදිය රැගෙන එන්න.
  9. හොඳම චිත්‍ර, සංකෘතික අධ්‍යාපන කේන්ද්‍රය මගින් පත් කර ගන්නා ලද විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරාගනු ඇත. විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වන අතර ඒ සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවකට සංස්කෘතික අධ්‍යාපන කේන්ද්‍රය ඉදිරිපත් නොවනු ඇත.

විස්තර සඳහා අමතන්න: සුරංගා: 050 7061272    ඉන්දීවරී: 056 4151056