2016 දෙසැම්බර 30 වැනිදා දහම් පාසලේ නිවාඩු

දෙසැම්බර් 31 වැනිදා දහම් පාසලේ පැවැත්වෙන පිරිත් පිංකම නිසා දෙසැම්බර් 30 වැනිදා, සිකුරාදා දහම් පාසලේ නිවාඩු දිනයක් බව කරුණාවෙන් දැනුම් දෙමු.

පිරිත් පිංකම සඳහා පිරිත් කොටුව සෑදීම සහ අනෙකුත් වැඩ කටයුතු දෙසැම්බර් 29, 30 සහ 31 දිනයන්හිදී දහම් පාසල් ශාලාවේ සිදු කෙරෙන අතර එම වැඩ කටයුතු වලට ඔබගේ සහයෝගය ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

2017 ජනවාරි 6 වැනිදා සිට සුපුරුදු ලෙස දහම් පාසල පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.