ළමා චිත්‍ර තරඟය 2016
ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ඩුබායි දහම් පාසල මගින් වාර්ෂිකව පවත්වනු ලබන ළමා චිත්‍ර තරඟය, 2016 ජනවාරි මස 23 වැනිදා, සෙනසුරාදා පෙ ව 9.30 සිට දහවල් 12.00 දක්වා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. තරඟයේ විස්තර මෙතනින් බලන්න
ඩුබායි දහම් පාසල විසින් වාර්ෂිකව පවත්වන – ළමා චිත්‍ර තරඟය 2016
2016 ජනවාරි මස 23 වැනිදා සෙනසුරාදා පහත සඳහන් කාල සටහන අනුව දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙනු ඇත.
දිනය : 2016 ජනවාරි 23 සෙනසුරාදා
වෙලාව: පෙ ව 9.30 සිට දහවල් 12.00 දක්වා
ස්ථානය: දහම් පාසල ශාලාව
වැදගත්;
1. වෙලාවට විනාඩි 15 ට කලින් දහම් පාසල් ශාලාව වෙත ඔබගේ දරුවා කැඳවාගෙන එන්න.
2. අයදුම් පත්‍ර භාර නොදුන් දරුවන් හට ශාලාවට ඇතුලත් වීමට අවසර නොලැබෙනු ඇත.
3. කාල සටහනේ සඳහන් පරිදි දහවල් 12.00 ට අවසන් වන අතර නියමිත වෙලාවට අවසන් නොකරන චිත්‍ර තරඟයෙන් ඉවත් කිරීමට සිදුවන බව සලකන්න
4. වෙලාවාට කලින් චිත්‍ර ඇඳීම අවසන් කරන දරුවන් හට ශාලාවෙන් පිට වීමට අවසර ලැබෙනු ඇත.
5. දුරුවාගේ වයස් කණ්ඩායමට අදාළ මාතෘකාවක් අනුව පමණක් චිත්‍රය ඇඳීමට උපදෙස් දෙන්න. වයස් කණ්ඩායමට අදාළ නොමැති චිත්‍ර තරඟයෙන් ඉවත් කිරීමට සිදුවන බව සලකන්න.
6. චිත්‍රය දහම් පාසලෙන් සපයන A3 ප්‍රමාණයේ සුදු කඩදාසියක ඇඳිය යුතුය. ඇඳීමට අවශ්‍ය දිය සායම්, පැස්ටල්, පාට පැන්සල් ආදිය රැගෙන එන්න.
විස්තර සඳහා අමතන්න: සුරංගා: 050 7061272 ඉන්දීවරී: 055 4214933
තරඟ මාතෘකා බලන්න: www.dhahampasala.org