ළමා චිත්‍ර තරඟය 2017
ඩුබායි දහම් පාසැල විසින් පවත්වන වාර්ෂික ළමා චිත්‍ර තරඟය 2017 පෙබරවාරි මස 18 වැනිදා සෙනසුරාදා පහත සඳහන් කාල සටහන අනුව දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙනු ඇත.
දිනය: 2017 පෙබරවාරි 18 සෙනසුරාදා.
වෙලාව:
වයස් කණ්ඩායම් 5-7 සහ 7-9 : පෙ ව 9.00 සිට 11.30 දක්වා (පැය 2 වි 30)
වයස් කණ්ඩායම් 9-11, 11-13, 13-16: ප ව 12.00 සිට 3.00 දක්වා ( පැය 3.00)
ස්ථානය: දහම් පාසල් ශාලාව
වැදගත්;
- වෙලාවට විනාඩි 15 ට කලින් දහම් පාසල් ශාලාව වෙත ඔබගේ දරුවා කැඳවාගෙන එන්න.
- දහම් පාසල පැවැත්වෙන දිනවලදී දැනට පවතින නීති රීති අනුව වාහන නැවැත්වීම ආදිය කල යුතුය. නීතිය කඩකිරීමේදී ඔබගේ දරුවාට දහම් පාසලේ ශිෂ්‍ය භාවය අහෝසි වනු ඇත.
- නියමිත වෙලාවට පැමිණ දරුවා ශාලාවට ඇතුලත් කර දහම් පාසල් පරිශ්‍රයෙන් පිටතට යන්න. කොන්සල් ජෙනරාල් කාර්යාලය අසල රැඳී නොසිටින්න.
- දරුවන් ආපසු කැඳවාගෙන යාම සඳහා: උදෑසන – පෙ ව 10.30 ට පසු සහ සවස – ප ව 2.00ට පසු පැමිණෙන්න.
- අයදුම් පත්‍ර භාර නොදුන් දරුවන් හට ශාලාවට ඇතුලත් වීමට අවසර නොලැබෙනු ඇත.
- කණ්ඩායම් සඳහා අදාළ චිත්‍ර මාතෘකා සඳහා අමුණා ඇති පත්‍රිකාව බලන්න.
- දරුවාගේ වයස් කණ්ඩායමට අදාළ මාතෘකාවක් පමණක් අනුව චිත්‍රය ඇඳීමට උපදෙස් දෙන්න. කණ්ඩායමට අදාළ නොවන චිත්‍ර, තරඟයෙන් ඉවත් කිරීමට සිදුවන බව සලකන්න.
- චිත්‍රය දහම් පාසලෙන් සපයන A3 ප්‍රමාණයේ සුදු කඩදාසියක ඇඳිය යුතු වේ. ඇඳීමට අවශ්‍ය දිය සායම්, පැස්ටල්, පාට පන්සල් ආදිය රැගෙන එන්න.
- හොඳම චිත්‍ර, සංකෘතික අධ්‍යාපන කේන්ද්‍රය මගින් පත් කර ගන්නා ලද විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරාගනු ඇත. විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වන අතර ඒ සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවකට සංස්කෘතික අධ්‍යාපන කේන්ද්‍රය ඉදිරිපත් නොවනු ඇත.
- මෙම චිත්‍ර තරඟයට ඩුබායි දහම් පාසලේ දැනට අධ්‍යාපනය ලබන හෝ කලින් දහම් පාසලේ අධ්‍යාපනය ලබා 8 වසර සම්පුර්ණ කර වයස අවුරුදු 16 ට අඩු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් සහභාගී විය හැක.
වයස් කණ්ඩායම්:
- 5-7 : 2010 ජනවාරි 01 සහ 2011 දෙසැම්බර් 31 දින අතර ඉපදුන දරුවන්.
- 7-9 : 2008 ජනවාරි 01 සහ 2009 දෙසැම්බර් 31 දින අතර ඉපදුන දරුවන්.
- 9-11: 2006 ජනවාරි 01 සහ 2007 දෙසැම්බර් 31 දින අතර ඉපදුන දරුවන්.
- 11-13: 2004 ජනවාරි 01 සහ 2005 දෙසැම්බර් 31 දින අතර ඉපදුන දරුවන්.
- 13-16: 2001 ජනවාරි 01 සහ 2003 දෙසැම්බර් 31 දින අතර ඉපදුන දරුවන්.
විස්තර සඳහා අමතන්න: සුරංගා: 050 7061272 ඉන්දීවරී: 056 4151056