2018-2019 අධ්‍යයන වසරේ පන්ති ආරම්භය
දහම් පාසලේ 2018-2019 අධ්‍යයන වසරේ පන්ති පහත සඳහන් ආකාරයට ආරම්භ වන කරුණාවෙන් දැනුම් දෙමු.
- 2018 ඔක්තොබර් 5 වැනිදා සිකුරාදා දින දහම් පාසලේ පන්ති සුපුරුදු පරිදි උදෑසන, දහවල් සහ සවස් වරුව වශයෙන් පවතින කාල සටහන අනුව පැවැත්වෙනු ඇත.
- වසර අවසාන පරීක්ෂණයෙන් සමත් වී නොමැති දරු දැරියන්ගේ දෙමාපියන් වෙත ඒ බව email මගින් දැනුම් දෙන බව අවධාරණය කරන අතර, එම දරු දැරියන් ඔක්තෝබර් මස 5 වැනිදා සිට දැනට අධ්‍යාපනය ලබන පන්ති වලට සහභාගී විය යුතුය.
- නව අධ්‍යයන වසරේ 1 ශ්‍රේණිය සඳහා ඇතුලත් කල දරු දැරියන් සවස් වරුවේ පන්ති වලට (ප.ව. 3.40 සිට) සහභාගී විය යුතුය.
- දැනට 1 වසරේ අධ්‍යාපනය ලබන දරු දැරියන් (වසර අවසාන පරීක්ෂණයෙන් සමත් වී නොමැති බව email මගින් දැනුම් දී නොමැති නම්) ඔක්තෝබර් 5 වැනිදා සවස් වරුවේ 2 වසර පන්ති වලට සහභාගී විය යුතුය. (ප.ව. 11.55 සිට)
- දැනට 2 වසරේ අධ්‍යාපනය ලබන දරු දැරියන් (වසර අවසාන පරීක්ෂණයෙන් සමත් වී නොමැති බව email මගින් දැනුම් දී නොමැති නම්) ඔක්තෝබර් 5 වැනිදා දහවල් වරුවේ 3 වසර පන්ති වලට සහභාගී විය යුතුය. (ප.ව. 11.55 සිට)
- දැනට 3 වසරේ අධ්‍යාපනය ලබන දරු දැරියන් (වසර අවසාන පරීක්ෂණයෙන් සමත් වී නොමැති බව email මගින් දැනුම් දී නොමැති නම්) ඔක්තෝබර් මස 5 වැනිදා උදෑසන වරුවේ 4 වසර පන්ති වලට සහභාගී විය යුතුය. (ප.ව. 7. 55 සිට)
ඉහත දක්වා ඇති පරිදි ඔබගේ දරු දැරියන් දහම් පාසලට කැඳවාගෙන ඒම සහ කැඳවාගෙන යාම සිදුකල යුතු බව අවධාරණය කරමු.
දහම් පාසලට පැමිණෙන ඔබ සැම දහම් පාසලේ දැනට ක්‍රියාත්මක වන වාහන නැවැත්වීමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට කාරුණික වන මෙන් මතක්කර සිටිමු.