2017-2018 අධ්‍යයන වසරේ ආරම්භය
අප දහම් පාසලේ 2017-2018 අධ්‍යයන වසර, සැප්තැම්බර් 8 වැනිදා සිකුරාදා ආරම්භ වන බව ඉතා සතුටින් දැනුම් දෙමු. මෙම අධ්‍යයන වසරේ ඉදිරි වැඩකටයුතු පහත සඳහන් කාල සටහනට අනුව පැවැත්වෙනු ඇත.
- 2017 සැප්තැම්බර් 08: පසුගිය වසරේ පසුගිය වසරේ පාඩම් නැවත මතක්කර දීම.
- 2017 සැප්තැම්බර් 15 : පසුගිය වසරේ පසුගිය වසරේ පාඩම් නැවත මතක්කර දීම.
- 2017 සැප්තැම්බර් 22 සියලුම පන්තිවල සිංහල, බුද්ධාගම සහ අපේ උරුමය විෂයයන් සඳහා ඇගයීමේ පරීක්ෂණය පැවැත්වීම. පරීක්ෂණ අදාළ විෂයයන් පැවැත්වෙන කාල සීමාව ඇතුලත සිදුකෙරෙනු ඇත.
සැ. යු.: මෙම ඇගයීමේ පරීක්ෂණ නැවත නොපැවැත්වෙන බව කරුණාවෙන් අවධාරණය කර සිටිමු. පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව දරුවා සුදුසු පන්තියකට අනුගත කරන අතර දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු එම පන්තියේදී කරගෙන යෑම අනිවාර්ය වනු ඇත. එබැවින් පසුගිය වසරේ ඉගෙනගත් පාඩම් හොඳින් මතක්කර දී දරුවන් පරීක්ෂණයට සුදානම් කරවීම ඔබගේ වගකීම වනු ඇත.
- 2017 සැප්තැම්බර් 29: සියලුම දරුවන් සඳහා නව අධ්‍යයන වසරේ පන්ති මෙදින ආරම්භ වනු ඇත.
01 වසර සඳහා ඇතුලත් කල නවක සිසු-සිසුවියන් හටද මෙදින සවස 3.40 සිට පන්ති ආරම්භ වනු ඇත.
- 2017 සැප්තැම්බර් 30 සෙනසුරාදා : 2017-2018 වසරේ පළමු දෙමාපිය මහා සභා රැස්වීම. මෙම රැස්වීමට 1 වසරට ලියාපදිංචි වූ නවක සිසුවියන්ගේ දෙමව්පියද අනිවාර්යයෙන් සහභාගී විය යුතු බව කරුණාවෙන් සලකන්න. මෙම හමුව උදෑසන 9:00 සිට 11:00 පැවැත්වෙන ඇත. ස්ථානය පසුව දැනුම් දෙනු ඇත.
වැදගත්
සැප්තැම්බර් 08 දින සිට පන්ති පැවැත්වෙන්නේ පහත සඳහන් කාල සටහනට අනුව බව කරුණාවෙන් සලකන්න.
- උදය වරුව: පෙ ව 7.55 – පෙ ව 11.20
- දහවල් වරුව : පෙ ව 11.55 – ප ව 03.05
- සවස් වරුව: ප ව 03.40 සිට ප ව 06.35
වැදගත්:
- පසුගිය වසරේ 3 වසර (සවස් වරුව 1 ) පන්ති වල ඉගෙනගත් දරුවන්, සැප්තැම්බර් මස 22 දින පැවැත්වෙන පරීක්ෂණයෙන් පසුව, 4 වසරට සමත් වන දරුවන් පමණක්, සැප්තැම්බර් මස 29 දින දින සිට උදය වරුවේ (පෙ.ව 7.55 සිට) පැවැත්වෙන 4 පන්ති වලට සහභාගී වියයුතුය.
- පසුගුය වසරේ 1 වසරෙන් සමත්වන දරුවන් සැප්තැම්බර් 29 දින සිට දහවල් වරුවේ පන්තිවලට සහභාගී විය යුතු යුතුය. (පෙ ව 11.55 සිට)
- අසමත් වන දරුවන් ගැන දෙමාපියන් වෙත email මගින් දන්වා එවන බව කරුණාවෙන් සලකන්න. එම දරුවන් දැනට ඉගෙන ගන්නා පන්ති වලම අධ්‍යාපන ලැබිය යුතු බවද අවධාරණය කරමු.
- ඇගයීමේ පරීක්ෂණයට සහභාගී නොවන දරුවන් ඉදිරි අධ්‍යයන වසරේදීද තමන් දැනට ඉගෙන ගන්නා පන්තියේම අධ්‍යාපන ලැබිය යුතුය.