2017 වෙසක් පෙරහැර ඩුබායි – (ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ශ්‍රී සම්බුද්ධත්ව වර්ෂ 2606)

2017 මැයි මස 5 කිවිදා සවස 4:20 ට දහම් පාසල සංවිධානය කරන පෙරහැර ආරම්භවේ.
ඒ සඳහා සහභාගී වන සියලුම දෙනා එදින සවස 3:45 ට පෙරහැර පෙළ ගස්වන බැවින් ඩුබායි හි ශේයිකා ලතිෆා රෝහල් (Ladies Club Grounds – former Al Waasal Hospital, Dubai) කාන්තා ක්‍රීඩා පිටියට පැමිණ සිටින මෙන් කාරුණිකව දැනුම් දෙමු.

• බෙරකරුවන් හා කසකරුවන්
සුදු සරම – රතු බැඳ පටිය, සුදු බැනියම – ඔලුවට සුදු ජටාව පැළඳ එන්න.

• බෙර ඇති අය බෙරද රැගෙන එන්න.

• මල් (පැපොල් ගෙඩියේ ගසා) පෙරහරේ යන ළමුන් ඒවා පිළියෙළ කරගෙන පැමිණෙන්න

• මල් බයිසිකල් කරුවන් සැරසූ මල් බයිසිකල් රැගෙන එන්න.

• පෙරහැර අවසානයේදී දහම් පාසලෙන් සපයා දුන් සියලුම කොඩි, සේසත්, මල් සැරසිලි ආදිය වේදිකාව අසල සිටින දහම් පාසලේ නැන්දා හෝ මාමා ට නොවරදවාම භාරදෙන්න.

• පෙරහරේ සියලුම කණ්ඩායම් සවස 3:45ට පෙරහැර මාර්ගයේ ඇති දැන්වීම් පුවරුවලට අනුව තමන්ට නියමිත ස්ථාන වල පෙළගැසෙන්න.

තෙරුවන් සරණයි !
ප්‍රියංකා
(සංවිධායක මණ්ඩලය වෙනුවෙන්)
පෙරහැර විමසීම් : 0555 287 652
ඊ මේල්: priyanka20nga@gmail