ළමා චිත්‍ර තරඟය 2017

ඩුබායි දහම් පාසල මගින් වාර්ෂිකව පවත්වනු ලබන ළමා චිත්‍ර තරඟය, 2017 ජනවාරි මස 21 වැනිදා, සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ඩුබායි දහම් පාසල මගින් වාර්ෂිකව පවත්වනු ලබන ළමා චිත්‍ර තරඟය 2017 ජනවාරි මස 21 වැනිදා, සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.

මෙම චිත්‍ර තරඟයට ඩුබායි දහම් පාසලේ දැනට අධ්‍යාපනය ලබන හෝ කලින් දහම් පාසලේ අධ්‍යාපනය ලබා 8 වසර සම්පුර්ණ කල වයස අවුරුදු 16ට අඩු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් සහභාගී විය හැක. තරඟ අයදුම් පත්‍ර, විස්තර සහ කොන්දේසි මාලාව ලබාගන්න මෙතනින්.

නිසියාකාරව සම්පූර්ණ කරනලද අයදුම් පත්‍ර 2016 දෙසැම්බර් 09 වැනිදා සිකුරාදා සවස 6:00 ට පෙර දහම් පාසැල වෙත භාරදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. මෙම දිනය සහ වෙලාවට පසුව ලැබෙන අයදුම් පත්‍ර භාර නොගන්නා බව සලකන්න.

email මගින් එවන අයදුම් පත්‍රද භාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න.