ළමා චිත්‍ර කුසලතා අගැයීම-2019-2020 – විශේෂ නිවේදනය – මාතෘකා
ඩුබායි දහම් පාසැල විසින් පවත්වන වාර්ෂික ළමා චිත්‍ර තරඟය පහත සඳහන් කාලසටහන අනුව දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙනු ඇත.
මාතෘකා:
- වයස් කණ්ඩායම් 6-8 සහ 8-10: අපේ අලුත් අවුරුදු උත්සවය
- වයස් කණ්ඩායම් 10-12, 12-14 සහ 14-16: පරිසරය සුරැකීමෙන් අපත් රැකේ
දිනය: 2019 නොවැම්බර් 2 සෙනසුරාදා.
වෙලාව:
- වයස් කණ්ඩායම් 12-14 සහ 14-16: පෙ ව 9.00 සිට 12.00 දක්වා (පැය 3)
- වයස් කණ්ඩායම් 10-12: පෙ. ව. 9.00 සිට පෙ ව 11.30 දක්වා ( පැය 2 විනාඩි 30)
- වයස් කණ්ඩායම් 6-8 සහ 8-10 : ප ව 12.30 සිට ප ව 3.00 දක්වා ( පැය 2 විනාඩි 30)
වැදගත්: දරුවා ගේ වයස් ඛාණ්ඩයට අදාළ කාලය තුල සහභාගී වීමට යම් අපහසුතාවයක් අත් නම් ඒ බව විද්‍යුත් තැපෑලක් මගින් සංවිධායක මණ්ඩලය වෙත දැනුම්දීම අනිවාර්ය වනු ඇත. එලෙස සහභාගී වන දරුවන් හට තම වයස් ඛාණ්ඩය අනුව පමණක් කාලය ලැබෙනු ඇත.
ස්ථානය: දහම් පාසල් ශාලාව
වැදගත්;
- වෙලාවට විනාඩි 15 ට කලින් දහම් පාසල් ශාලාව වෙත ඔබගේ දරුවා කැඳවාගෙන එන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
- දහම් පාසල් හැඳුනුම් පත පැළඳීම අනිවාර්ය බව සලකන්න.
- දහම් පාසල පැවැත්වෙන දිනවලදී දැනට පවතින නීති රීති අනුව වාහන නැවැත්වීම ආදිය කල යුතුය. නීතිය කඩකිරීමේදී ඔබගේ දරුවාට දහම් පාසලේ ශිෂ්‍ය භාවය අහෝසි වනු ඇත. චිත්‍ර තරඟයට සහභාගී වීමට අවසර නොලැබෙනු ඇත.
- දෙමාපියන් නියමිත වෙලාවට පැමිණ දරුවා ශාලාවට ඇතුළත් කර දහම් පාසල් පරිශ්‍රයෙන් පිටතට යන ලෙසත් කොන්සල් ජෙනරාල් කාර්යාලය, අවට මාර්ග වල සහ පල්ලිය අසල රැඳී නොසිටි ලෙසත් මතක්කර සිටිමු.
- දරුවන් ආපසු කැඳවාගෙන යාම සඳහා: පෙ. ව. 11.00 ට පසුව සහ ප.ව. 2.00ට පසුව පැමිණෙන්න.
- අයදුම් පත්‍ර භාර නොදුන් දරුවන් හට ශාලාවට ඇතුලත් වීමට අවසර නොලැබෙනු ඇත.
- කණ්ඩායම් සඳහා අදාල චිත්‍ර මාතෘකා සඳහා දහම් පාසලේ වෙබ් අඩවියට පිවිසෙන්න.
- අදාල මාතෘකාවට අනුව චිත්‍රය ඇඳීමට උපදෙස් දෙන්න. මාතෘකාවට අදාල නොවන චිත්‍ර, තරඟයෙන් ඉවත් කිරීමට සිදුවන බව සලකන්න.
- චිත්‍ර ඇඳීමට අවශ්‍ය දිය සායම්, පැස්ටල්, පාට පැන්සල් ආදිය දරුවන් රැගෙන අයුතු අතර A3 ප්‍රමාණයේ සුදු කඩදාසියක් දහම් පාසලෙන් සපයනු ඇත. Glitter, Platignum, Markers, Felt Pens, Calligraphy Pens, Gel Pens ආදිය පාවිච්චි කල නොහැක.
- හොඳම චිත්‍ර, සංකෘතික අධ්‍යාපන කේන්ද්‍රය මගින් පත් කර ගන්නා ලද විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරාගනු ඇත. විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වන අතර ඒ සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවකට සංස්කෘතික අධ්‍යාපන කේන්ද්‍රය ඉදිරිපත් නොවනු ඇත.
- චිත්‍ර තරඟයට, ඔබගේ දරුවන් සඳහා අයදුම් පත් භාර දුන් නමුත් කිසියම් හේතුවක් නිසා තරඟයට සහභාගී වීමට නොහැකි නම් කරුණාකර 2019 ඔක්තෝම්බර් මස 30 වැනිදා, බදාදා දිනට පෙර අප වත email මගින් දන්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.
සහභාගී වන දරුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා දහම් පාසලේ ගුරු මණ්ඩලය ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවෙන අතර, එසේ පහසුකම් සලසා, නොදන්වා සහභාගී නොවීම සියලුදෙනාගේ කාලය අපතේ යාමක් බව සලකන්න. එනිසා ඔවුනට සාධාරණයක් කිරීම සඳහා කරුණාකර මෙම දැනුම් දීම කරන ලෙස නැවතත් ඉල්ලා සිටිමු.
- තරඟයට අයදුම් පත් භාරදී, නොදන්වා තරඟයට සහභාගී නොවන දරුවන් හට ලබන වසරේ චිත්‍ර තරඟයට සහභාගී වීමට අවස්ථාවක් නොලැබෙන බවද කරුණාවෙන් දැනුම් දෙමු.
විස්තර සඳහා අමතන්න: මේනු නැන්දා : 055 3257190 චාන්දනී නැන්දා: 055 1177136