සිඟිති අලුත් අවුරුදු උළෙල – 2017

අප දහම් පාසලේ දරුවන් උදෙසා පැවැත්වෙන අලුත් අවුරුදු උළෙල අප්‍රේල් මස 07 වැනිදා සිකුරාදා පෙ ව 8.00 සිට ඩුබායිහි ලතිෆා (අල් වාසල් ) ක්‍රීඩාංගණහි පැවැත්වෙන බව කරුණාවෙන් දැනුම් දෙමු. උත්සවය මුලිකව පහත සඳහන් වැඩ පිළිවෙල අනුව සිදුකෙරෙනු ඇත.
- අවුරුදු නැකත් සහ සිරිත් විරිත් නාට්‍යානුසාරයෙන් දරුවන් හට ඉදිරිපත් කිරීම.
- අවුරුදු ජන ක්‍රීඩා සහ තරඟ – මෙම අවස්ථාවන් හට සහභාගී වීම දහම් පාසලේ දරු දැරියනට පමණක් සීමා වනු ඇත.
- යොවුන් අවුරුදු කුමරා, කුමරිය සහ විවිධ ඇඳුම් තරඟය – එක්සත් අරාබි එමීරයේ වෙසෙන අවුරුදු 16 ට අඩු ශ්‍රී ලාංකික දරු දැරියන් හට පමණක් මෙම තරඟ සඳහා සහභාගී විය හැක.
එදින ක්‍රීඩාංගනයට පැමිණෙන ඔබගේ පිරිමි දරුවන් බතික් හෝ පාට කමිසයකින් සහ සරමකින් ද ගැහැණු දැරියන් බතික් හෝ පාට රෙද්දකින් සහ හැට්ටයකින් සැරසී සිටීම අත්‍යවශ්‍ය බව ඉතා කරුණාවෙන් දන්වා සිටිමු. අවුරුදු චාරිත්‍ර වැඩසටහනට පසුව තරඟ වලට ඉදිරිපත් වීම සඳහා දහම් පාසලේ දරුවන් හට සුදුසු ඇඳුමකින් සැරසිය හැක.
දෙමාපියන් ද ශ්‍රී ලාංකේය ජාතික උත්සවයකට ගැලපෙන ඇඳුමකින් සැරසී පැමිණීම ඉතාමත් යෝග්‍ය බව කරුණාවෙන් සලකන්න.
තරඟ වලට සහභාගී වන සියලුම දහම් පාසල් දරු දැරියනට ත්‍යාගයක් ලබා දීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.
තරඟ සඳහා අයදුම් කල දරුවන් සහ උත්සවයට සහභාගී වන දහම් පාසලේ සියලුම දරුවන් හට මාර්තු 24 වැනිදා සහ 31 වැනිදා දහම් පාසලේදී, වයස් කාණ්ඩය අනුව පාට රිබන් පටියක් නිකුත් කරනු ඇත. අවුරුදු උත්සවය දින ක්‍රීඩා පිටියට පැමිණෙන දරුවන් සියලු දෙනාම මෙම රිබන් පටිය දකුණු අතේ පැළඳ සිටිය යුතු බව කරුණාවෙන් සලකන්න.
කරුණාකර උදෑසන 7.45 ට පැමිණ උත්සවයේ සමාරම්භයට සහභාගී වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.
විස්තර දැනගැනීම සඳහා අමතන්න:
පැතුම්: 052 875 6198, ඉන්දික: 050 535 6625