වෙසක් උත්සවය 2017 භක්ති ගීත ගායනය – 1, 2 සහ 3 වසර දරු දැරියන්ගේ සහභාගීත්වය
අපේ දහම් පාසල විසින් සංවිධානය කරන 2017 වසරේ වෙසක් උත්සවයේ 1, 2 සහ 3 වසර දරුවන් ගායනා කරන භක්ති ගීත වල වචන, ගායනය සහ අනුවාදනය ලබාගන්න මෙතැනින්
2017 වසරේ වෙසක් උත්සවයේ භක්ති ගීත ගායනා කිරීම සඳහා ඉදිරිපත්වන 1, 2 සහ 3 වසර දරු දැරියන් ඒ සඳහා පුහුණු කිරීම දහම් පාසල් කාලය තුලදී සිදුකරන බව කරුණාවෙන් සලකන්න.
භක්ති ගීත කටපාඩමෙන් කීමට හැකි දරුවන් පමණක් වේදිකාව මත ගායනා කිරීම සඳහා තෝරා ගන්නා බව අවධාරණය කරන අතර පාසල් කාලය තුලදී කෙරෙන පුහුණුකිරීම් වලට අමතරව නිවසේදීද දරුවන් පුහුණු කරවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
භක්තිගීත වල වචන, ගායනය සහ අනුවාදනය ලබාගන්න මෙතැනින්;
1 වසර වචන ගායනය වාදනය
2 වසර වචන ගායනය වාදනය
3 වසර වචන ගායනය වාදනය
ඔබගේ දරුවා භක්ති ගීත ගායනා කිරීමට ඉදිරිපත් වන්නේ නම් කරුණාකර මෙම දැන්වීපතේ පහත කොටසේ සඳහන් විස්තර සම්පුර්ණ කර අප්‍රේල් මස 30 වන දිනට පෙර පන්ති භාර ගුරුතුමිය වෙත ලැබෙන්නට සලස්වන්න මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
=================================================================
සංවිධායක මණ්ඩලය වෙත
මාගේ පුතා / දුව – නම:…………………………………………………………………………
ලි ප. අංක: ……………… පන්තිය: ………………….
2017 වසරේ වෙසක් භක්ති ගීත කට පාඩමෙන් කීමට හැකි බව සහතික කරන අතර ඔහු / ඇය වෙසක් උත්සවයේ භක්තිගීත ගායනය සඳහා ඉදිරිපත් වන බවද සහතික කරමි.
…………………………………….
මව / පියා / භාරකරු
නම: ……………………………………………………..
දුර කථනය: …………………………………………….
දිනය: …………………………..