පද්‍ය ගායනා තරඟය – 2019 දෙසැම්බර්

දහම් පාසලේ දරුවන්ගේ සිංහල භාෂාව නිවැරදිව භාවිතා කිරීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් ඩුබායි දහම් පාසල විසින් පද්‍ය ගායනා අගැයීමක් 2017-2018 අධ්‍යයන වසරේ සිට ආරම්භ වූ බව ඔබ හොඳින් දන්නා කරුණකි.

ඒ අනුව මෙම අධ්‍යයන වසර සඳහා වූ අයදුම්පත්‍ර කැඳවීම දැන් සිදු කරනු ලැබේ. මෙම වැඩසටහන සඳහා ඔබගේ  දරුවා  සහභාගී  කරවන්නේ නම් පහත අයදුම්පත්‍රය සම්පූර්ණ කර, 2019 දෙසැම්බර් 10 වැනිදා, රාත්‍රී 12.00ට පෙර අප වෙත  ලැබෙන්නට සලස්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

නියමිත පරිදි අයදුම්පත්‍ර භාරදුන් දරුවන් ඉදිරිපත් වන වයස ඛාණ්ඩ අනුව වර්ගීකරනය කරන අතර තරඟය දහම් පාසල් කාලය තුල සිදු කෙරෙනු ඇත. ඔබගේ දරුවාටඅප විසින් නිර්දේශිත ග්‍රන්ථයන්ගෙන් උපුටා ගත් කවි 3ක් ගායනා කීරීමට හොඳින් පුරුදු පුහුණු කල යුතු වේ.

තරඟය පැවැත්වෙන දිනය සහ වේලාව පසුව දැනුම් දෙන බව සලකන්න​. මෙහිදී විනිශ්චය මණ්ඩලයක් විසින් දක්ෂතම දරුවන් 20 දෙනා අවසාන වටය සඳහා තෝරාගනු ලැබේ.  දක්ෂතම දරුවන් තේරීමේදී, විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.

කවි ගායනා සඳහා නිර්දේශිත ග්‍රන්ථ:

1. සිරිත් මල්දම
2. බුදුගුණ අලංකාරය
3. සුභාෂිතය
4. ලෝවැඩ සඟරාව
5. ගණදෙවි හෑල්ල
6. බුද්ධ ගජ්ජය
7. නරසීහ ගාථා
8. වදන් කවි පොත
9. පැරකුම්බා සිරිත
10. සැළලිහිණි සංදේශය
11. ජන කවි (නිර්දේශිත)
12. ගුත්තිල කාව්‍ය

පද්‍ය ගායනා තරඟය සඳහා උපදෙස්:

  1. දරුවාගේ වයස් කාණ්ඩය අනුව තරඟයට ඉදිරිපත් විය යුතුය​.
  2. නිර්දේශිත ග්‍රන්ථ ඇසුරෙන් පමණක් කවි ගායනා ඉදිරිපත් කල යුතුය.
  3. සෑම තරඟ කරුවෙක්ම පද්‍ය ගායනා තුනක් ඉදිරිපත් කල යුතු අතර ඒ කවි, එකම ග්‍රන්ථයකින් හෝ ග්‍රන්ථ කිහිපයකින් තෝරා ගැනීමට අවස්තාව ලැබෙනු ඇත. මෙලෙස ග්‍රන්ථ කිහිපයකින් ගායනා ඉදිරිපත් කරන විට, එම පද්‍ය අඩංගු වන්නේ කුමන ග්‍රන්ථයෙන්ද යන බව දරුවන් හොඳින් දැන සිටිය යුතුය.
  4. නිවැරදිව උච්චාරණය, නිවැරදිතාවය, සාම්ප්‍රදායික නාද මාලාව, වචන අවබෝධය, සෘතියේ පිහිටා ගායනය, නිවැරදි හඩ පාලනය, මතකය, නිවැරදිව තාලනුරූපව ගායන හැකියාව, හඬ පෞරුෂය ආදිය ඉතා නිවැරදි විය යුතු අතර විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.