දහම් පාසැල් අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම- 2017 ජනවාරි 13 දා රැස්වීම

2017 ජනවාරි 13 වැනිදා පැවැත්වූ විශේෂ රැස්වීමට සහභාගී වූ ඔබ සැමට ස්තුතිපූර්වක වන අතර, දහම් පාසලේ ලියාපදිංචි දරුවන්ගෙන් සියයට 90ක පමණ දෙමාපියන් සහභාගී වීම අප දහම් පාසලෙන් සිදුවන ජාතික මෙහෙවර සාර්ථකව සිදුවන බව පෙන්වන සාධකයක් ලෙස පෙන්වා දිය හැක. මෙම කර්තව්‍යයට උර දෙන සියලු දෙනා හට මෙම ජාතික මෙහෙවර බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යාමට මෙම රැස්වීමේදී දැනුම් දුන් පරිදි ඔබගේ සහයෝගය ලබා දේ යැයි අපගේ දැඩි විශ්වාස කරමු.

මෙම රැස්වීමේදී ඔබ සියලු දෙනාගෙන් ලද පොරොන්දු, කැපවීම් මත අපේ දහම් පාසල 2017 ජනවාරි 20 වැනිදා, සිකුරාදා නැවත ආරම්භ කරන බව ඉතා සතුටින් දැනුම් දෙමු.

මෙම රැස්වීමට සහභාගී වී එදින නැවත ලියාපදිංචි කිරීමේදී නිකුත් කරන ලද හැඳුනුම් පත් ලබාගත් දරුවන් පමණක් එම හැඳුනුම් පත සමග ජනවාරි 20 වැනි දා සිට දහම් පාසලට සහභාගී විය හැක.

ජනවාරි 20 දා සිට දහම් පාසලේ පන්ති පහත සඳහන් නව වේලාවන් වලට අනුව පැවැත්වෙන බව සලකන්න.

• හතර (4) සිට අට (8) වසර දක්වා පන්ති – පෙ ව 8:00 සිට දහවල් 11:10 දක්වා
• දෙක (2) වසර සහ තුන (3) වසර පන්ති – දහවල් 12:00 සිට ප ව 2:50 දක්වා
• එක (1) වසර සඳහා පන්ති – ප ව 3:35 සිට සවස 6:15 දක්වා

ඔබ සියලු දෙනා අත්සන් කර එකඟ වූ කොන්දේසි මාලාවට සහ ජනවාරි මස 13 දින පැවැත්වූ රැස්වීමේදී අප විසින් දැනුම් දුන් කොන්දේසි වලට අනුකුලව ඔබගේ දරුවා පාසලට රැගෙන ඒම සහ රැගෙන යාම සිදුකිරීම අත්‍යවශ්‍ය වනු ඇත.

මෙම රැස්වීම සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදුන් දෙමාපිය කමිටුවේ සාමාජික මහත්ම මහත්මීන් හට අප ස්තුතිවන්ත වෙමු.