දහම් පාසලේ 16 වැනි සංවත්සර උත්සවය – 1 වසර දරුවන් නර්ථන සඳහා පුහුණුවීම්

ඩුබායි දහම් පාසලේ 16 වැනි සංවත්සර උත්සවය අප්‍රේල් 21 වැනිදා සිකුරාදා පැවැත්වීමට සුදානම් කර ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමු.

මෙම උත්සවයේදී දහම් පාසලේ 1 වසර දරුවන් විසින් වේදිකාවේ ඉදිරිපත් කරන නර්ථනයට සහභාගී වීමට  කැමති දරුවන් පුහුණුවීම සඳහා අමුණා ඇති ගීතය පාඩම් කර අප්‍රේල් මස 1 වැනිදා සහ 8 වැනිදා (සෙනසුරාදා දින) උදෑසන 9.00ට දහම් පාසල් ශාලාවට පැමිණිය යුතුය.

උත්සවය දින දරුවන් පහත පින්තුරයේ දැක්වෙන පරිදි වර්ණ ඇඳුමින් සැරසී මෙම නර්ථනයට සහභාගී විය යුතු බව කරුණාවෙන් සලකන්න.

1

  • චීත්ත ගවුම
  • වර්ණවත් මුද්‍රිත කමිසය සහ තනි වර්ණ කොට කලිසම