දහම් පාසලේ 16 වැනි සංවත්සරය සැමරීම
ශ්‍රී ලාංකික දුවා දරුවන් නිරතුරුව දහම් දැනුමෙන් පෝෂණය කරන, අප ඩුබායි දහම් පාසලේ 16 වන සංවත්සරය, 2017 අප්‍රේල් 21 දිනට යෙදී ඇති බව ඔබ සැමට ඉතා සතුටින් දන්වා සිටිමු .
වසර 16 ක් පුරා, 70 කට අධික ගුරු මණ්ඩලයක සහභාගිත්වයෙන්, ශ්‍රී ලාංකික දුවා දරුවන් 1600 කට අධික ප්‍රමාණයකට දහම් අධ්‍යාපනය ලබාදෙමින්, මෙතෙක් ආ එම අභිමානවත් ගමන්මග සමරනු වස්, ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ගරු චරිත යට්ටෝගොඩ මැතිතුමා ප්‍රමුඛ ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් 2017 අප්‍රේල් 21 වැනිදා සිකුරාදා පෙ ව. 8:30 සිට 12:30 දක්වා Al Safa හි Emirates English Speaking School හිදී එම අවස්ථාව ඉතා උත්කර්ෂවත්ව සැමරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
මෙයට සමගාමීව, එදිනට
- චිත්‍ර තරඟය
- අත් අකුරු තරඟය
- සූත්‍ර කටපාඩම් දීම
- දහම් පාසලේ නොකඩවා අවුරුදු 7 ට වැඩි කාලයක් අධ්‍යාපනය ලැබූ දරුවන්
සදහා සහතික පත් ප්‍රධානය කිරීමටද කටයුතු සුදානම් කර ඇත .
මේයට අමතරව, දහම්පාසැල් දුවා දරුවන්ගේ දක්ෂතා එළිදක්වමින් කෙරෙන කවි, කථා, නර්ථන හා නාට්‍ය ඉදිරිපත් කිරීමේ විශේෂාංගයද, එදිනට සුදානම් කර ඇති බැවින්, කලගුණ දන්නා දෙමාපියන් පිරිසක් වන ඔබගේද, ගුණ යහපත් දරුවකු ලෙස හැදී වැඩෙමින් අන් අයත් සමග සතුට බෙදා හදා ගැනීමට පුරුදු පුහුණු කරන ඔබේ දරුවාගේද, අනිවාර්යය සහභාගිත්වය ඉතා අගය කොට සලකමු .
දරුවන් දහම් පාසල් ඇඳුමින් සැරසී, නැවත ලියා පදිංචි කිරීමේදී නිකුත් කල හැඳුනුම් පත (ID) පැළඳ උත්සවයට සහභාගී කරවන්න. නර්ථන වලට සහභාගී වන දරුවන් හට අවශ්‍ය ඇඳුම් ඇඳීමට පහසුකම් සලසා ඇති බවද කරුණාවෙන් දැනුම් දෙමු.
දෙමාපියන් ද දහම් පාසල් උත්සවයකට සුදුසු ඇඳුමකින් සැරසී පෙ ව 8.30ට පෙර උත්සව භූමියට පැමිණ දරුවන්ගේ පැමිණීම ලියාපදිංචි කරවන මෙන්ද ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.
උත්සවය පැවැත්වෙන ස්ථානයේ සිතියම මේ සමග එවා ඇති අතර, ඔබගේ වාහනය අන් අයට අවහිරතාවයක් නොවන ලෙස ගාල් කරන ලෙසද ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
උත්සවය පැවැත්වෙන ස්ථානයේ සිතියම (Location Map) (Near Safa Park)