දහම් පාසලේ ඉදිරි සති කිහිපය තුල සිදුකෙරෙන වැඩ සටහන් සහ දහම් පාසල නිවාඩු දීම
අප දහම් පාසලේ මැයි මාසය තුල සිදුකිරීමට නියමිත වැඩ සටහන් පිලිබඳ සටහනක් පහත දැක්වේ.
• මැයි මස 6 සිකුරාදා: වෙසක් උත්සවය ලතීඵා ක්‍රීඩාංගණයේදී. මෙම උත්සවයට ඔබ සියලු දෙනාගේ පැමිණීම සහ සහයෝගය අපේක්ෂා කරමු.
• (1, 2 සහ 3 පන්ති වල භක්ති ගීත ගායනා සඳහා සහභාගිවන (කලින් දන්වන ලද) දරුවන් පමණක් පෙරහුරුව සඳහා මැයි 5 බ්‍රහස්පතින්දා සවස 6.30 ට ලතිෆා ක්‍රීඩාංගනයට කැඳවාගෙන එන්න. )
• මැයි මස 20 සිකුරාදා: වැඩිහිටි සීල සමාදාන පිංකම – උදෑසන 7.00 සිට
• මැයි මස 21 සෙනසුරාදා: ළමා සීල සමාදාන පිංකම – උදෑසන 8.00 සිට ප ව 2.00 දක්වා
මෙම උත්සව සහ පින්කම් පිලිබඳ විස්තර අප වෙබ් අඩවියෙන් සහ email මගින් දන්වන බව කරුණාවෙන් සලකන්න.
මෙම උත්සවයට සහ පින්කම් වලට සහභාගී වී අපට සහයෝගය ලබා දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.
දහම් පාසල පැවැත්වෙන අවසාන දිනය මැයි මස 13 වැනිදා සිකුරාදා බව සලකන්න. ග්‍රීෂ්ම නිවාඩුවෙන් පසුව නැවත දහම් පාසල ආරම්භ වන්නේ සැප්තැම්බර් මස 16 වැනිදා සිකුරාදා බව කරුණාවෙන් දැනුම් දෙමු.
දහම් පාසලට නවක සිසු සිසුවියන් බඳවා ගැනීම 2016 සැප්තැම්බර් මස සිදුකෙරෙන බව කරුණාවෙන් සලකන්න. ඒ පිලිබඳ වැඩි විස්තර අප වෙබ් අඩවියෙන් දැනුම් දෙනු ඇත.
මැයි මස 6 දින (වෙසක් උත්සවය) සහ 20 දින (සිල් පිංකම) දහම් පාසලේ නිවාඩු දින බව කරුණාවෙන් සලකන්න.