තාවකාලිකව නවත්වන ලද දහම් පාසැල් අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම

තාවකාලිකව නවත්වන ලද දහම් පාසල ජනවාරි මස 20 වැනිදා නවතා ආරම්භ කල බව ඉතා සතුටින් දැනුම් දෙමු.

දහම් පාසල වසා දැමීමට හේතු වූ කරුණුද ඒ සම්බන්ධයෙන් අප, කොන්සල් ජෙනරාල් තුමා සමග ගත් ක්‍රියාමාර්ග සහ දහම් පාසල මෙවැනි භාධක වලින් තොරව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාදාමය පිළිබඳව ඔබ සැම දෙනා දැනුවත් කිරීම සඳහා විශේෂ රැස්වීම් දෙකක් පැවැත්වූ බව ඔබ සියලු දෙනා දැනුවත් වී ඇත. ඉදිරි කාලයේදී දහම් පාසලේ ඉගෙන ගන්නා දරුවන්ගේ දෙමාපියන් වශයෙන් ඉහත කාරණා සම්බන්ධයෙන් අනිවාර්යයෙන් දැනගත යුතු සහ අනිවාර්යයෙන් පිළිපැදිය යුතු කරුණු, නීති මාලාවක අනුසාරයෙන් එම රැස්වීම් වලට සහභාගී වූ දෙමාපියන් හට ලබාදී ඇති අතර එම නීති පිළිපදින බවට සහතික කල ගිවිසුමකටද අත්සන්කර ඇති බවත් එසේ කිරීමට සිදුවුයේ එම අවශ්‍යතාවන් ඉටුකිරීමේ වැදගත්කම පැහැදිලි කිරීම සඳහා බවත් අවධාරණය කරමු.

ජනවාරි 27 වැනිදා පැවැත්වූ රැස්වීමට සහභාගී වී නැවත ලියාපදිංචි කල දරුවන් පෙබරවාරි 3 වැනිදා සිකුරාදා සිට අනෙකුත් දරුවන් සමග දහම් පාසලේ අධ්‍යයන කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සකසා ඇත. සියලුම දරුවන් හට තාවකාලික වසා දැමීම නිසා පාඩම් කටයුතු අතපසු වී ඇති අතර එම පාඩම් සම්පුර්ණ කිරීම සඳහා පන්ති අප්‍රේල් 14, මැයි 19 සහ මැයි 26 පැවැත්වෙනු ඇත.

සියලුම දරුවන් මෙම වසරේ දහම් පාසල අවසාන වන තුරු සියලුම පන්ති වලට සහභාගී වීම අත්‍යවශ්‍ය වන බව දැනුම් දෙන අතර වසරේ පැවැත්වූ පන්ති වලින් සියයට 70, (70%) පන්ති වලට සහභාගී නොවූ දරුවන් හට වර්ෂ අවසාන පරීක්‍ෂණයට සහභාගී විය නොහැකි අතර, එම දරුවන් ලබන වසරේ දැනට ඉගෙන ගන්නා පන්තියේම ඉගෙනීම කල යුතු බවත් අවධාරණය කරමු.

රැස්වීමේදී දැනුම් දුන් සියලුම අවශ්‍යතාවන් පිළිපැදීම ඔබ දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සහ ඉදිරි කාලයේදී දහම් පාසල් අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන දරුවන්ට එම අවස්ථාව සැලසීම ඔබගේ වගකීම බවද අවධාරණය කරමු.

ඉදිරි කාලයේදී දහම් පාසලට පැමිණෙන දරුවන් සියලු දෙනා ඔවුන්හට ලබාදී ඇති හැඳිනීම් පත පැළඳීම අනිවාර්ය බව දැනුම් දෙමු.

කොන්දේසි මාලාව බලන්න

වාහන නැවැත්විය නොහැකි පෙදෙස බලන්න