ත්‍රිබෝධි දහම් දැනුම තරඟය 2016 – චායාරුප බලන්න

අප දහම් පාසලේ 15 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධයා නාලිකාවේ විකාශනය වන දහම් දැනුම වැඩසටහන් මාලාවේ පළමු වරට විදේශ රටකදී පටිගත කරන්නට යෙදුනු තරඟ මාලාවක් දහම් පාසලේ සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් 2016 අප්‍රේල් මස 16 වැනිදා සිකුරාදා දහම් පාසල් ශාලාවේදී පටිගත කල බව ඉතා සතුටින් දැනුම් දෙමු. එම තරඟ මාලාව පටිගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිට වැඩම කල පුජ්‍ය කොටනෙළුවේ පුන්නාන්ද ස්වාමීන් වහන්සේ සහ එම වැඩ සටහන් අධ්‍යක්ෂ කල්‍යාන අල්වත්තේගම මහතාද සහභාගී විය. තරඟ මාලාව, කොන්සල් ජෙනරාල් චරිත යට්ටෝගොඩ මහතාගේ සහ එම මැතිනියගේ සහභාගිත්වයෙන් ඉතාමත් සාර්ථක ලෙස පැවැත්වූ බව ඔබහට දන්වන්නේ ඉමහත් සතුටිනි.

තරඟ මාලාවට සහභාගී වූ දරුවන් ඉතාමත් සතුටින් එම තරඟ වලට මුහුණ දී ජය ලැබු අතර එමගින් තම දහම් දැනුම සහ අපේ උරුමය පිලිබඳ දැනුමද වර්ධනය කරකරගත්තේ තමන්ගේ ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන්ගේ මගපෙන්වීමට සහ උත්සාහයට කලගුණ සැලකීමක් ලෙස බව අපට අවභෝධ විය.

උත්සවයේ චායාරුප බලන්න මෙතනින්;