ඩුබායි දහම් පාසල – 2026 – 2027 අධ්‍යයන වසර සඳහා නවක සිසුන් බඳවා ගැනීම

අයදුම් පත් භාරගැනීමේ අවසාන දිනය 2026 අගෝස්තු 31 වැනිදා

සුදුසුකම්

1 වසර සඳහා දරුවන් ඇතුළත් කිරීම

2026 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 6 සම්පූර්ණ කරන, එක්සත් අරාබි එමීරයේ ජීවත්වන දරුවන් 2026–2027 අධ්‍යයන වසරට ඇතුළත් වීමට සුදුසුකම් ලබනු ඇත. මේ සඳහා අවශ්‍ය ලේඛන, වැඩි විස්තර, කොන්දේසි මාලාව සහ අයදුම් පත්‍රය කියවීමෙන් ලබාගත හැක.

2 වසර සහ 3 වසර

2 වසර සහ 3 වසර පන්ති සඳහා දරුවන් ඇතුළත් කිරීමක් සිදු නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න.

4 වසර සිට 8 වසර දක්වා

4 වසර සිට 8 වසර පන්ති සඳහා දරුවන් ඇතුළත් කිරීම සඳහා සිංහල, බුද්ධාගම සහ අපේ උරුම විෂයන් ආශ්‍රිතව සරල ලිඛිත සහ වාචික පරීක්ෂණයක් පවත්වනු ලබන අතර, එහි ප්‍රතිඵල අනුව දරුවන් සුදුසු පන්තියකට අනුගත කරනු ලැබේ.

එම දරු දැරියන්ගේ වයස 2026 දෙසැම්බර් 31 වන දිනට අවුරුදු 9 සම්පූර්ණ වී තිබිය යුතුය.

පරීක්ෂණය පැවැත්වෙන දිනය සංවිධායක කමිටුව විසින් පසුව දැනුම් දෙනු ඇත.


අයදුම්පත් භාරදීම

දහම් පාසලට දරුවකු ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන සියලුම දෙමාපියන් පහත පියවර අනුගමනය කළ යුතුය.

පියවර 1

දහම් පාසලේ වෙබ් අඩවිය (http://dhahampasala.org/) වෙත පිවිස 2026–2027 අධ්‍යයන වසර සඳහා නවක සිසුන් ඇතුළත් කිරීම සඳහා අදාල

  1. අයදුම්පත්‍රය
  2. කොන්දේසි මාලාව
  3. විශේෂ කොන්දේසි මාලාව
  4. ඇමුණුම 1

හොඳින් කියවා, අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමට අවශ්‍ය ලිපි ලේඛන සූදානම් කරගන්න.

පියවර 2

වෙබ් අඩවියේ ඇති Online අයදුම්පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර,

  • අයදුම්පත්‍රයේ සඳහන් ලේඛන
  • දරුවාගේ ඡායාරූපයක්
  • මව, පියා හෝ භාරකරුගේ ඡායාරූපය

සමඟ 2026 අගෝස්තු 31 වැනිදා රාත්‍රී 12.00 ට පෙර Upload කරන්න.

පියවර 3

2026 සැප්තැම්බර් 13, 20 සහ 27 දිනවල සංවිධායක මණ්ඩලය සහ දහම් පාසලට දරුවන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවට නියමිත වේලාවට සහභාගි විය යුතුය.

(අයදුම්පත් ලැබීමෙන් පසු දිනය හා වේලාව සඳහන් ආරාධනාව දැනුම් දෙනු ලැබේ.)

එදින,

  • දරුවාගේ ලියාපදිංචි අංකය ලබාදෙනු ඇත.
  • ශිෂ්‍ය වාර්තා පොත පිළිබඳ විස්තර ලබාදෙනු ඇත.
  • අවශ්‍ය අනෙකුත් පොත්පත් පිළිබඳ තොරතුරු ලබාදෙනු ඇත.
  • දහම් පාසල් අධ්‍යාපනයට අදාල කරුණු සාකච්ඡා කරනු ඇත.

සැලකිය යුතුයි

නියමිත දිනයෙන් පසු ලැබෙන අයදුම්පත් සහ ඉහත සඳහන් සියලු පියවර අනුගමනය නොකළ අයදුම්පත් භාර නොගන්නා බව අවධාරණය කරමු.


වැඩි විස්තර

Email: dahampasaladubai@gmail.com