ඩුබායි දහම් පාසලේ 2017 – 2018 අධ්‍යයන වසර සඳහා නවක සිසුන් බඳවා ගැනීම

ඩුබායි දහම් පාසලේ 2017 -2018 අධ්‍යයන වසර සඳහා නවක සිසුන් බඳවා ගැනීම

2017 සැප්තැම්බර් මස 08, 15 සහ 22 සිකුරාදා දින තුල,

පෙ.ව. 8:45 සිට දහවල් 11:00 දක්වා ද,

ප.ව. 12:45 සිට සවස 3:00 දක්වා ද,

 සවස 4:00 සිට සවස 5:30 දක්වා ද,

ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලයේ පිහිටි දහම් පාසල් පරිශ්‍රයේදී සිදුකෙරෙනු ඇත.

සුදුසුකම්:

1 වසර සඳහා දරුවන් ඇතුලත් කිරීම: 2017 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 6 සම්පුර්ණ කරන දරුවන් හට 2017-2018 අධ්‍යයන වසරට ඇතුලත් වීමට සුදුසුකම් ලබනු ඇත. මේ සඳහා අවශ්‍ය ලේඛන සහ වැඩි විස්තර, කොන්දේසි මාලාව සහ අයදුම් පත කියවීමෙන් ලබාගත හැක.

2 වසර 3 වසර පන්ති සඳහා දරුවන් ඇතුළත් කිරීමක් සිදු නොකෙරෙන බව කරුණාවෙන් දැනුම් දෙමු.

4 වසර සිට 8 වසර පන්ති සඳහා දරුවන් ඇතුළත් කිරීම සඳහා සිංහල, බුද්ධාගම සහ අපේ උරුමය විෂයයන් ආශ්‍රිතව ලිඛිත සහ වාචික පරීක්ෂණයක් පවත්වනු ලබන අතර එයින් සමත්වන දරුවන් පමණක් දහම් පාසලේ කමිටුවේ අනුමැතිය මත පන්තිවලට අනුගත කරනු ලැබේ. එම දරු දැරියන්ගේ වයස 2017  දෙසැම්බර් මස 31 වැනිදාට අවුරුදු නවයක් (9) සම්පුර්ණ විය යුතුය. පරීක්ෂණය පැවැත්වෙන දිනය අපගේ වෙබ් අඩවියෙන් හෝ සංවිධාක කමිටුව විසින් දැනුම් දෙනු ඇත.

අයදුම්පත් භාරදීම:

දහම් පාසලට දරුවෙකු ඇතුල් කිරීමට බලාපොරොත්තු වන සියලුම දෙමාපියන් පහත පියවර අනුගමනය කළ යුතුය:

පියවර 1:          කොන්දේසි මාලාව 2017-2018 හොඳින් කියවීම.

පියවර 2:          පෙර දැනුම් දීම පෝරමය සම්පූර්ණ කිරීම. මෙම පෙර දැනුම් දීමේ පෝරමය දහම් පාසලට දරුවන් ඇතුළත් කිරීමේ අයදුම් පත නොවන බව කරුණාවෙන් දැනුම් දෙමු

පියවර 3:          නිසියාකාරව සම්පූර්ණ කළ අයදුම් පත සහ කොන්දේසි මාලාව අදාළ ඇමිණුම් සමග ඉහත දිනයන්හීදී සංවිධායක මණ්ඩලය වෙත පුද්ගලිකව පැමිණ භාරදීම. මෙදින දරුවාගේ ලියාපදිංචි අංකය සහ ශිෂ්‍ය වාර්තා පොත සහ අනෙක් අවශ්‍ය පොත් ලබාදෙනු ඇත.

සැ.යු. නියමිත දිනට පසුව හෝ email මගින් එවන අයදුම් පත්‍ර භාර නොගන්නා බව අවධාරණය කරමු.

ඉහත සඳහන් ලියවිලි මෙතනින් ලබාගන්න:

  1. කොන්දේසි මාලාව 2017-2018
  2. පෙර දැනුම් දීමේ පෝරමය
  3. අයදුම් පත සහ කොන්දේසි මාලාව

වැඩි විස්තර ලබා ගැනීම සඳහා ලියන්න: email: dahampasaladubai@gmail.com