ගංවතුර ආධාර
ශ්‍රී ලංකාවේ මේ දිනවල පවතින ගංවතුරෙන් සහ නායයෑම්වලින් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය වියලි අහාර සහ අනෙකුත් ද්‍රව්‍ය ආධාර ශ්‍රී ලංකාවට යැවීම සඳහා සපයන මෙන් අප දහම් පාසලේ දරුවන්ගේ දෙමාපියන් ගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.
එම ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට යැවීම සඳහා වැඩපිළිවෙලක් Frico International ආයතනය මගින් සකසා ඇත. ඔබට හැකි පමණින් මෙම ආධාර ද්‍රව්‍යයන් පහත සඳහන් මධ්‍යස්ථාන වෙත ගෙනගොස් භාර දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.
- ඩුබායි හි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානය (අමතන්න – සම්පත්:055 5473057)
- Frico International ආයතනයේ ශාඛා කාර්යාල (අමතන්න ප්‍රදීප්: 050-6566945,
04-3933030)
අවශ්‍ය ද්‍රව්‍යයන්:
| ආහාර වර්ග | අනෙකුත් ද්‍රව්‍ය |
| හාල් | තුවා |
| වියලි ආහාර, ටින් වල අහුරන ලද ආහාර | බෙහෙත් වර්ග (Panadol, Dettol, Plaster, Bandage) |
| බිස්කට් | ඇඳ ඇතිරිලි |
| පරිප්පු | කොට්ට උර |
| සෝයා ආහාර | toothpaste |
| කිරිපිටි | toothbrush |
| තේ | සබන් වර්ග |
| සීනි | |
| ජෑම් | |
| නුඩ්ල්ස් වැනි ආහාර වර්ග |