සර්ව රාත්‍රික පිරිත් පිංකම – 2016
ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ඩුබායි දහම් පාසලේ මුලිකත්වයෙන්, ඩුබායි හි ශ්‍රී ලාංකීය ප්‍රජාව සමග වාර්ෂිකව ඩුබායි දේශයේ පවත්වන වර්ෂ අවසාන පිරිත් පිංකම මෙවරත් 2016, දෙසැම්බර් 31 වැනිදා ඩුබායි දහම් පාසල් ශාලාවේ පැවැත්වෙන බව ඉතා කරුණාවෙන් දැනුම් දෙමු. උදෑසන සහ දහවල් දානමය පින්කම් 2017, ජනවාරි 1 වැනිදා පැවැත්වෙන බවද කරුණාවෙන් සලකන්න.
මෙම පිංකමේ සංවිධාන කටයුතු පිලිබඳ සමාලෝචන රැස්වීම දෙසැම්බර් මස 6 වන අඟහරුවාදා සවස 7.30ට, ඩුබායි දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙන බව කරුණාවෙන් දන්වා සිටිමු.
මෙම රැස්වීමට සහභාගී වී, පිරිත් පිංකම සාර්ථක කර ගැනීමට ඔබ සැමගේ කාරුණික දායකත්වය ලබා දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.