දැක්ම සහ මෙහෙවර                        Vision & mission

අපගේ දැක්ම

සත්ජන සමාජ සාරධර්ම අගයන, අධ්‍යාත්මික ගුණවගාවෙන් යුතුවූ, කරුණාබරවූ, උගත්, බුද්ධිමත් සමාජයීය වගකීම් දරන්නාවූ නව පරපුරක් බිහිකිරීම උදෙසා අවශ්‍ය අධ්‍යාපනික දැනුම සහ සමාජ සුරුබුහුටිකම් (දක්ෂතා) දියුණු කිරීම වෙනුවෙන් බෞද්ධ දර්ශනයට සහ හෙළ උරුමයේ සාරධර්මයනට අනුගතවූ නිර්මල පරිසරයක් සකසා පවත්වාගෙනයාම වේ.

අපගේ මෙහෙවර

පුර්ණ ස්වෙච්චා සංවිධානයක් වන ඩුබායි දහම්පාසල, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ උතුරු එමීරයේ ජීවත්වන්නාවූ සියලුම ශ්‍රී ලාංකික දරුවන්ගේ අධ්‍යාපනික සහ අධ්‍යාත්මික උන්නතිය උදෙසා සිංහල භාෂාව, හෙළ උරුමය සහ බුද්ධ ධර්මයේ දැනුම ලබාදීම වෙනුවෙන් ඇපකැපවී ඇත. සති අන්තයේදී පවත්වන සම්ප්‍රදායික පාසල් පන්ති පෙළ මුලිකව, ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වශයෙන් සපල, දරුවනට අදාලවූ සමාජයීක සහ ආගමික පරිබාහිර කටයුතු සඳහා අවධාණය යොමුකර ඇත.

අපගේ මුලික අරමුණු

•  දරුවන් සඳහා අවශ්‍ය නමුදු සම්ප්‍රදායික පාසල් පන්තියෙන් නොලැබෙන සිංහල භාෂාවේ ශ්‍රවනය, කථනය, ලේඛනය සහ හෙළ ඉතිහාසය සමග අතීත උරුමය විෂයන්ගේ මුලික දැනුම ලබාදීම.

•  බුද්ධ ධර්මය සහ බුද්ධ චර්යාධර්ම, අධ්‍යාත්මික ගුණවගාව, ප්‍රඥාවත්භාවය සහ කරුණාගුනය දියුණුකිරීම පිලිබඳ දැනුම දරුවන්ට ලබාදීම.

•  දරුවන්ගේ ජීවිතයට අත්‍යාවශ්‍ය ආදරය, කරුණාව සහ මෛත්‍රිය පිරි පරිසරයක් තුලින් සුභවාදී අනාගත දිවියකට සමාජ අධ්‍යාපනික පදනමක් ඇතිකිරීම.

•  බුද්ධ පරමාර්ථ චාරිත්‍ර සහ වාරිත්‍ර වලට අනුගතව ආත්ම ව්ශ්වාසයෙන් යුතුව සත්ජන සමාජ සම්බන්දතා ගොඩනැගීම සඳහා අවශ්‍ය දහම් දැනුම ලබාදීම.

•  අනාගත වැඩිහිටි සමාජයට අවතීර්ණවීම සඳහා අවශ්‍ය සත්ජන සමාජයන් අගයන මානුෂික සාරධර්ම, ගුණගරුකභාවය, අන්‍යෝන්‍ය ගෞරවය පිලිබඳ අවබෝධය ලබාගැනීම අරමුණුකරගත් අධ්‍යාපනික සහ සමාජීය පරිබාහිර කටයුතු සඳහා දරුවන් දිරිමත් කිරීම.

•  තමන්ට මෙන්ම තම ජනසමූහයටද, මුළු ලොවටද වැඩදායක පුරවැසියෙකු ලෙස ක්‍රියාකිරීමට දරුවන්ගේ මනස වැඩිදියුණු කිරීම.