දහම් පාසලේ වාර්ෂික මහා සභා රැස්වීම සහ නව කොන්සල් ජනරාල් තුමා පිළිගැනීම

ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන කේන්ද්‍රය, ඩුබායි
2015 ඔක්තෝබර් 26

දයාබර දෙමාපියන් වෙත,

දහම් පාසලේ වාර්ෂික මහා සභා රැස්වීම සහ නව කොන්සල් ජනරාල් තුමා පිළිගැනීම

නව අධ්‍යාපන වසරේ දහම් පාසලේ වාර්ෂික මහා සභා රැස්වීම සහ නව කොන්සල් ජනරාල් චරිත යට්ටෝගොඩ මැතිතුමා පිළිගැනීමේ උත්සවය ඔක්තෝම්බර් මස 24 වැනිදා සෙනසුරාදා දෙමාපියන්, ගුරු මණ්ඩලය, සහ කමිටු සාමාජිකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් දහම් පාසල් ශාලාවේදී පැවැත්වූ බව ඉතා සතුටින් දැනුම් දෙමු.

දුදරුවන් යහපත් ගුණගරුක පුරවැසියන් ලෙසට මවුබිමට දායද කිරීම සඳහා අපමණ වෙහෙසක් දරා පවත්වාගෙන යන මෙම ජාතික මෙහෙවර තවදුරටත් දියුණු කරගැනීමට අවශ්‍ය සැලසුම් සම්පාදනය කරගැනීම සඳහා සහයෝගය ලබාදීමට තම සති අන්තයද කැපකර අප සමග එක්වූ දෙමාපියන් හට අපගේ අවංක ස්තුතිය පුදකරමු.

ඩුබායි දේශයේ ගරු කොන්සල් ජෙනරාල් වශයෙන් පත්වී පසුගියදා වැඩ භාරගත් චරිත යට්ටෝගොඩ මැතිතුමා, එම මැතිනිය සහ නව පත්වීම් ලබා නොබෝදා කොන්සල් ජනරාල් කාර්යාලයේ වැඩ භාරගත් නිලධාරි මහතුන් දහම් පාසල වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයද මෙම රැස්වීමේ විශේෂ අවස්ථාවක් කරගනීමට අපට හැකිවිය. අපගේ මෙම වැඩ පිළිවෙල අගය කල එතුමා අපට ඉදිරි කාලයේදී අපගේ වැඩසහන් වලට සම්පුර්ණ සහයෝගය ලබා දීම සහතික කළේය.

දහම් පාසලේ පැවැත්ම සහ දියුණුව රැඳි පවතින්නේ දහම් පාසලේ දරුවන්ගේ දෙමාපියන් වන ඔබගෙන් ලැබෙන සහයෝගය මත බව කිවයුතු නැත. ඒ බව ප්‍රත්‍යක්ෂ කරගත් දෙමාපියන් විශාල පිරිසක් දහම් පාසලේ දෙමාපිය කමිටුවට බැඳීමට ස්වේච්චාවෙන් ඉදිරිපත් වීම දහම් පාසලේ දියුණුවට තවත් අඩිතාලමක් දැමීමක් විය. එම සියලුම දෙමාපියන් හට අපගේ ස්තුතිය පුද කරමු.
2015 නොවැම්බර් මස 7 වැනිදා සෙනසුරාදා පෙ ව 10.00ට මෙම වසරේ පළමු දෙමාපිය-කමිටු රැස්වීම දහම් පාසල් ශාලාවේදී පැවැත්වීමට තීරණය විය. මෙම රැස්වීමට කමිටු සාමාජිකත්වය ලබාගත් සියලුම දෙමාපියන් හටත් නොවැලැක්විය හේතුන් නිසා රැස්වීමට සහභාගී වීමට නොහැකි වූ, කමිටු සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලුම දෙමාපියන් හටත් ආරාධනය කර සිටිමු.

ස්තුතියි,
සංවිධායක මණ්ඩලය