තුන් සූත්‍රය කට පාඩම් දීම තරඟය 2017

තුන් සූත්‍රය කටපාඩම් දීමේ පළමු, දෙවන සහ තෙවන අදියරයන් ඉතා සාර්ථක ලෙස පසුගිය වසර තුන තුළ පවත්වන්නට යෙදුනි. මෙම වසරේ සිට සුත්‍ර තුනම එක තරගයක කොටස් ලෙසට 2017 පෙබරවාරි මස පැවැත්වීමට කටයුතු යොදා ඇත. එක සූත්‍රයක් හෝ එහි කොටසක් වයස් ඛාණ්ඩ අනුව සජ්ජායනය කිරීමෙන් මෙම තරගයට සහභාගී විය හැක. තරගයේ ව්‍යුහය සඳහා අයදුම්පත කියවන්න.

ඔබගේ දරුවා මෙම තරඟයට සහභාගී කරවීමට කැමැත්තේ නම් ඒ සඳහා අදාල අයදුම්පත නිසිලෙස සම්පුර්ණ කර පන්තිභාර ගුරුතුමා/ගුරුතුමිය හට 2016 දෙසැම්බර් මස 09 වැනිදා, සිකුරාදා සවස 6.00 ට පෙර ලැබෙන්නට සලස්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

පසුගිය තරඟ වලට සහභාගී වී සම්පුර්ණ සූත්‍ර කටපාඩම් දී කුසලාන ලබා ගත් දරුවන්ට ද මෙම තරඟයට සහභාගී විය හැකි නමුත් කුසලාන නැවත නොදෙන බවත් සහභාගී වීම සඳහා සහතික පත්‍රයක් ලබා දෙන බවත් කරුණාවෙන් සලකන්න.

මෙම තරඟයට උපකාරී වන ශ්‍රවනයට සහ කියවීමට නිර්දේශිත මූලද්‍රව්‍ය දහම්පාසල් වෙබ් අඩවියෙන් ලබාගත හැක. ඔබ සැම දරුවන් සමඟ මෙම සූත්‍රයන්ට සවන්දීම, නිවසේදී සජ්ජායනා කිරීම දිනපතා සිදුකරනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.

මහා මංගල සූත්‍රය: ශ්‍රවනයට, කියවීමට, අයදුම්පත්‍රය, තේරුම
කරණීය මෙත්ත සූත්‍රය: ශ්‍රවනයට, කියවීමට, අයදුම්පත්‍රය, තේරුම
රතන සූත්‍රය: ශ්‍රවනයට, කියවීමට, අයදුම්පත්‍රය, තේරුම