දැනුම මිනුම තරඟය- පළමු වටය – 2016 මාර්තු මස 4 සිකුරාදා

අප දහම් පාසලේ 15 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධයා නාලිකාවේ විකාශනය වන ‘දැනුම මිනුම’ වැඩසටහන් මාලාව පිළිබඳව අප ජනවාරි මස 29 දින දැන්වීම් පත්‍රිකාවක් මගින් දැනුම් දුන්නෙමු.

එම දැනුම මිනුම තරඟයේ පළමු වටයට දහම් පාසලේ 4 වසර සිට 8 වසර දක්වා පන්ති වල සියලුම දරුවන් හට සහාභාගී වීමට අවස්ථාව සැලසීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු.

පළමු වටය, එනම් තෝරා ගැනීමේ වටය, මාර්තු මස 4 වැනිදා සිකුරාදා දහම් පාසල් කාල සීමාව ඇතුලත සිදුකෙරෙන බව ඉතා කරුණාවෙන් දැනුම් දෙමු. තරඟයේ විස්තර ඔබගේ දැනගැනීම සඳහා පහත සඳහන් කරමු:
1. දැනුම මිනුම තරඟය සඳහා අයදුම්පත්‍ර ලබාදීමක් අවශ්‍ය නොවේ. දහම්පාසල් වෙලාවේදී 4 වන ශ්‍රේණියෙන් ඉහල අධ්‍යාපනය ලබන සියලුම දරුවන් වෙත ලබාදෙන ප්‍රශ්ණ පත්‍රයකට පිළිතුරු සැපයිය යුතුවේ. මේ සඳහා දරුවන් සූදානම් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
2. පළමු වටයෙන් වැඩිම ලකුණු ලබා ගන්නා සිසුන් එක් ශ්‍රේණියකින් 8 දෙනා බැගින් ශ්‍රේණි 5 සඳහා 40 දෙනෙක් අවසාන වටයට සඳහා තෝරා ගනු ලැබේ.
3. දැනුම මිනුම තරඟයට තේරී පත්වුණු 40 දෙනා හැර අනෙකුත් දරුවන් හට කථික සහ කවි ගායනා සඳහා ඉදිරිපත් විය හැකි අතර කථික සඳහා සිසු සිසුවියන් 10 කවි ගායනා සඳහා සිසු සිසුවියන් 10ක් ද තෝරා ගනු ලැබේ.
4. කථික සහ කවි ගායනා ඉදිරිපත් කිරීම සිදු කරනු ලබන්නේ දැනුම මිනුම තරඟය පැවැත්වෙන (පටිගත කරන) අතර තුර බව කරුණාවෙන් සලකන්න.
5. මෙම කථික සඳහා දරුවන් තොරා ගැනීමට තරඟයක් පැවෙත්වෙන අතර ඒ සඳහා අප විසින් දෙන ලද මාතෘකා වලින් එකකට විනාඩි 3ට නොවැඩි කතාවක් සඳහා ඔබේ දරුවා පුහුණු කල යුතුවේ. තරඟයට නියමිත මාතෘකා අප වෙබ් අඩවියෙන් ලබාගත හැක.
6. කවි ගායනා සඳහා දරුවන් තෝරාගැනීමටද නියමිත කවි පොත් වලින් උපුටා ගන්නාලද කවි 5ක් සඳහා පුහුණු විය යුතුවේ. නියමිත කවි පොත් අප වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

වැඩි විස්තර ලබා ගැනීමට සුරංගනී ලියනාරච්චි මහත්මිය (055 3260101) අමතන්න.