2016-2017 අධ්‍යයන වසර සඳහා සිසුන් බඳවා ගැනීම
ඩුබායි දහම් පාසලේ 2016-2017 අධ්‍යයන වසර සඳහා නවක සිසුන් බඳවා ගැනීම
2016 සැප්තැම්බර් මස 16 , 23 සහ 30 සිකුරාදා දින තුල,
පෙ.ව. 9:30 සිට දහවල් 11:30 දක්වා ද,
ප.ව. 1:45 සිට සවස 3:45 දක්වා ද,
ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලයේ පිහිටි දහම් පාසල් පරිශ්‍රයේදී සිදුකෙරෙනු ඇත.
සුදුසුකම්:
1 වසර සඳහා ඇතුලත් කිරීම : 2016 අගෝස්තු මස 31 දිනට වයස අවුරුදු 6 සම්පුර්ණ කල හෝ දිනපතා පාසලේ 1 වසරේ අධ්‍යාපනය ලබන දරුවන් හට 2016-2017 අධ්‍යයන වසරට ඇතුලත් වීමට සුදුසුකම් ලබනු ඇත. මේ සඳහා අවශ්‍ය ලේඛන සහ වැඩි විස්තර, කොන්දේසි මාලාව සහ අයදුම් පත කියවීමෙන් ලබාගත හැක.
2 වසර සහ ඉහල පන්ති සඳහා ඇතුලත් කිරීම : දෙක (2) වසර සහ ඉන් ඉහල පන්ති වලට ඇතුලත් කිරීමට අවශ්‍යය දරුවන් සඳහා ලිඛිත සහ වාචික පරීක්ෂණයක් පවත්වනු ලබන අතර එයින් සමත්වන දරුවන් දහම් පාසලේ කමිටුවේ අනුමැතිය මත පන්තිවලට අනුගත කරනු ලැබේ. එම දරු දැරියන්ගේ වයස 2016 අගෝස්තු මස 31 වැනිදාට අවුරුදු හය (6) සම්පුර්ණ විය යුතුය. පරීක්ෂණය පැවැත්වෙන දිනය අපගේ වෙබ් අඩවියෙන් හෝ සංවිධාන කමිටුව විසින් දැනුම් දෙනු ඇත.
පන්ති පැවැත්වෙන වේලාවන්:
4 සිට 8 වසර දක්වා පන්ති පෙරවරු 8:00 සිට දහවල් 11:15 දක්වා ද,
2 සහ 3 වසර සඳහා පන්ති දහවල් 11:45 සිට පස්වරු 3:00 දක්වා ද,
1 වසර සඳහා පන්ති පස්වරු 3:30 සිට සවස 6:25 දක්වා පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.
සැ.යු: 2016-2017 අධ්‍යයන වසර සඳහාද පසුගිය වසරවල මෙන්ම නවක සිසුන් සියයකට අධික ප්‍රමාණයක් සහභාගී වේ යැයි බලාපොරොත්තු වන අතර, ඒ සඳහා පහසුකම් සපයනු වස්, පන්ති පැවැත්වෙන වේලාවන් වල වෙනසක් ඉහත සඳහන් පරිදි සිදුකල බව දන්වා සිටිමු. 2016-2017 අයදුම් පත් භාරගැනීම අවසන් වූ පසු, නවක සිසුන්ගේ ප්‍රමාණය මත, දහම් පාසලේ කමිටුව විසින් මෙම වෙනස ස්ථිර කිරීම හෝ සාමාන්‍ය ආකාරයෙන් පන්ති පැවැත්වීම තීරණය කරන බව කරුණාවෙන් දන්වා සිටිමු.
අයදුම්පත:
සිසුන් ඇතුලත් කිරීම සඳහා වැඩි විස්තර (සුදුසුකම් සහ කොන්දේසි මාලාව) සහ අයදුම්පත ලබාගන්න.
සුදුසුකම්, කොන්දේසි මාලාව සහ අයදුම්පත මෙතැනින් ලබාගන්න
කොන්දේසි මාලාව කියවා සම්පුර්ණ කරන ලද අයදුම් පත් අදාළ ඇමිණුම් සමග ඉහත දිනයන්හීදී සංවිධායක මණ්ඩලය වෙත පැමිණ බාරදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. email මගින් එවන අයදුම්පත් සහ අසම්පූර්ණ අයදුම්පත් බාර නොගන්නා බවද කරුණාවෙන් සලකන්න.
වැඩි විස්තර ලබා ගැනීම සඳහා ලියන්න: email: dahampasaladubai@gmail.com