2015-2016 අධ්‍යයන වසරේ ප්‍රථම ගුරු දෙගුරු මහා සභා රැස්වීම සහ නව කොන්සල් ජෙනරාල් තුමා පිළිගැනීම – චායරුප බලන්න.
අපේ දහම් පාසලේ 2015-2016 අධ්‍යයන වසරේ ප්‍රථම ගුරු දෙගුරු මහා සභා රැස්වීම 2015 ඔක්තෝබර් 24 සෙනසුරාදා දහම් පාසල් ශාලාවේදී පැවැත්විණ. ඩුබායි දේශයේ නව ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් තැම්පත් චරිත යට්ටෝගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම රැස්වීමේදී එතුමා සහ මැතිනිය පිළිගැනීමද චාරිත්‍රානුකුලව සිදුවිය. කොන්සල් ජනරාල් කාර්යාලයේ සේවය සඳහා නව පත්වීම් ලබා සේවයට පැමිණි නව නිලධාරි මණ්ඩලයද මෙම උත්සවයට සහභාගී විය.
නව වසරේ දහම් පාසලට ඇතුල්වූ නවක දු දරුවන්ගේ දෙමාපියන්ද ඇතුළුව විශාල දෙමාපියන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වීම සහ දෙමාපියන් 50 දෙනෙකු ස්වේච්චාවෙන් නව දෙමාපිය කමිටුවට බැඳීමට ඉදිරිපත්වීම අප දහම් පාසලේ ඉදිරි දියුණුව සඳහා ලැබුන සහතිකයක් විය. දහම් පාසලේ පැවැත්ම සහ දියුණුවට අදාළ කරුණු දීර්ඝ ලෙස මෙම රැස්වීමේදී සාකච්චා කල අතර 2015 නොවැම්බර් මස 7 සෙනසුරාදා උදෑසන 10.00ට නව දෙමාපිය කමිටුව සහ ක්‍රියාකාරී කමිටුවේ රැස්වීමක් පවත්වා අදාළ තීරණ ගැනීම සහ යෝජනා ක්‍රියාත්මක කිරීමට අණු කමිටු පත්කර ගැනීමටද තීරණය විය.