සිඟිති අලුත් අවුරුදු උත්සවය
2016 වසරේ සිඟිති අලුත් අවුරුදු උත්සවය අදියර දෙකකින් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
- පළමු අදියර වශයෙන් අපේ දරුවන් හට අවුරුදු චාරිත්‍ර පුහුණු කිරීම අප්‍රේල් මස 1 වැනිදා සිකුරාදා දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙනු ඇත.
- දෙවැනි අදියර වශයෙන් අවුරුදු උත්සවය අප්‍රේල් 8 වැනිදා සිකුරාදා ලතීඵා ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනු ඇත.
මෙම උත්සව දෙකටම දරු දැරියන් අවුරුදු උත්සවයකට සුදුසු වර් ණ ඇඳුමින් සැරසී සහභාගී විය යුතු බව කරුණාවෙන් සලකන්න:
- ගැහැණු දරුවන් පාට රෙද්ද සහ හැට්ටය
- පිරිමි දරුවන් පාට සරම සහ කමිසය
උදෑසන පන්ති වල දරුවන් නිවාස 2 ට සහ සවස පන්ති වල දරුවන් නිවාස 3 ට බෙදා වන්කර ඇත.
| අවුරුදු උත්සවය පළමු දිනය – අප්‍රේල් 01 දින | |||
|---|---|---|---|
| උදය වරුව | |||
| අංකය | ගෙදර 1 | ගෙදර 2 | |
| පන්ති | වසර 6,7 සහ 8 | වසර 4, සහ 5 | |
| සවස් වරුව | |||
| ගෙදර 1 | ගෙදර 2 | ගෙදර 3 | |
| පන්ති | වසර 1 | වසර 2 | වසර 3 |
උදෑසන දරුවන් සඳහා චාරිත්‍ර පුහුණු කිරීමේ වැඩසටහන උදෑසන 9 සිට 11 දක්වාද සවස දරුවන්ගේ වැඩසටහන දහවල් 11.30 සිට 1.30 දක්වාද දහම් පාසල් ශාලාවේදී සිදුකෙරෙනු ඇත.
එම කණ්ඩායම් වල සිසුන් එක නිවසක නිවැසියන් /පවුලක් ලෙස අවුරුදු චාරිත්‍ර පිළිපැදීම පාඩමක් වශෙයන් සිසුන්ට ඉදිරිපත්කිරීම එම කණ්ඩායම භාරව ඇති ගුරුවරුන් විසින් සිදු කරනු ඇත. සිසු සිසුවියන් අතරින් සුදුසු දරුවන් පවුලක සාමාජිකයන් වශයෙන් තෝරාගෙන චාරිත්‍ර සඳහා යොදවාගැනේ .
තම කණ්ඩායමට අවශ්‍ය බඩු බාහිරාදිය සහ අවශ්‍ය අහාර පාන ආදිය දෙමාපිය කමිටුව විසින් සපයනු ඇත. ඒ සඳහා ඔබ සැමගේ සහයෝගය දෙමව්පිය කමිටුව වෙත ලබාදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
පන්සල වශයෙන් දහම් පාසලේ බුදුමැදුරද එක් ලිඳක් ශාලාව ඉදිරිපසද සුදානම් කෙරෙනු ඇත. පවුලේ සාමාජිකයින් බුදු මැදුරට සහ ලිඳ වෙත යාමට කාල සටහනක් අනුව සිදුකෙරෙනු ඇත. මෙදින උදෑසන බුද්ධ වන්දනාව සිදු කෙරෙන්නේ නැති අතර පන්සිල් ගැනීම සහ වතාවත් කිරීම පන්සලේදී කෙරෙනු ඇත. මෙම අවස්ථා වීඩියෝ දර්ශන මගින් අනෙකුත් දරුවන් හට බැලීමට සලස්වනු ඇත.
අප්‍රේල් 8 වැනිදා සිකුරාදා දින ලතිඵා ක්‍රීඩාංගණයේදී අවුරුදු කුමරා, කුමරිය තේරීම, විවිධ ඇඳුම් තරඟ, දරුවන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන් හට සහභාගී විය හැකි අවුරුදු ක්‍රීඩා ඇතුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවුරුදු උත්සවයකට ඇතුලත් සෑම අංගයකින් යුතු අවුරුදු උත්සවයක් පැවැත්වීමට දෙමාපිය කමිටුව විසින් සුදානම් කර ඇත.
මෙම වැඩසටහන සාර්ථක ලෙස ඉදිරිපත් කිරීමට ඔබ සැමගේ සහයෝගය ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
අප්‍රෙල් මස 01 දින අවුරුදු චාරිත්‍ර සම්බන්ධීකරණය
මේනක – 050 595 1398
චන්දන – 055 825 4718
අප්‍රෙල් මස 08 දින අවුරුදු උත්සවය සම්බන්ධීකරණය
දර්ශන – 050 692 4574
පසුගිය වසරේ අවුරුදු උත්සවයේ චායාරුප බලන්න මෙතනින්
සිඟිති අලත් අවුරුදු මංගල්‍යය 2015 ඇමිණුම P1