වෙසක් උත්සවය 2016 – භක්ති ගීත
වෙසක් උත්සවය 2016 භක්ති ගීත ගායනය – 1, 2 සහ 3 වසර දරු දැරියන්
අපේ දහම් පාසල විසින් සංවිධානය කරන 2016 වසරේ වෙසක් උත්සවයේ භක්ති ගීත ගායනා කිරීම සඳහා ඉදිරිපත් වන 1, 2 සහ 3 වසර දරු දැරියන් ඒ සඳහා පුහුණු කිරීම දහම් පාසල් කාලය තුලදී සිදුකරන බව කරුණාවෙන් සලකන්න.
භක්ති ගීත කට පාඩමෙන් කීමට හැකි දරුවන් පමණක් වේදිකාවේ ගීත ගායනා කිරීම සඳහා තොරා ගන්නා බව අවධාරණය කරන අතර පාසල් කාලය තුලදී කෙරෙන පුහුනුකිරීම් වලට අමතරව ඔබ නිවසේදීද දරුවන් පුහුණු කරවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
ඔබගේ දරුවා භක්ති ගීත ගායනා කිරීමට ඉදිරිපත් වන්නේ නම් කරුණාකර මෙම දැන්වීමේ පහත සඳහන් විස්තර සම්පුර් ණ කර අප්‍රේල් මස 15 වැනි දිනට පෙර පන්ති භාර ගුරු තුමිය වෙත ලැබෙන්නට සලස්වන්න.
මාගේ පුතා / දුව …………………………………………………………………………
ලි ප. අංක ………………
පන්තිය………………….
2016 වසරේ වෙසක් භක්ති ගීත කට පාඩමෙන් කීමට හැකි බව සහතික කරන අතර ඔහු / ඇය වෙසක් උත්සවයේ භක්ති ගීත ගායනය සඳහා ඉදිරිපත් වන බවද සහතික කරමි.
…………………………………….
මව / පියා / භාරකරු
නම: ……………………………………………………..
දුර කථනය: …………………………………………….
දිනය: …………………………..
ගීත වල වචන, ගායනය සහ වාදනය ලබාගන්න මෙතැනින්.
| වෙසක් බොදු බැති ගී – 2016 | |||
|---|---|---|---|
| ඔබගේ දරුවාට අවශ්‍ය ගීතයේ වචන, ගායනය සහ වාදනය මෙතැනින් ලබාගන්න | |||
| පන්තිය | වචන | ගායනය | වාදනය |
| 1 වසර | වචන | ගායනය | වාදනය-1 වාදනය-2 |
| 2 වසර | වචන | ගායනය | වාදනය |
| 3 වසර | වචන | ගායනය | වාදනය |
| ඩුබායි දරුවන්ට | වචන | ගායනය | වාදනය |
| සාජා දරුවන්ට | වචන | ගායනය | වාදනය |