දහම් පාසලේ පන්ති සකස් කර ගැනීම සඳහා ඔබගේ සහයෝගය ලබාදෙන්න නොවැම්බර් 18 දින

දහම් පාසලේ 2016-2017 අධ්‍යයන වසරේ සිට ආරම්භ කරන්නට යෙදුනු වාර (sessions) තුනක පන්ති පැවැත්වීම නිසා එක වාරයක අවසානයේ සිට අනෙක් වාරයේ ආරම්භය දක්වා ඇති කාලය පැය භාගයකට සීමා කරන්නට සිදුවිය. මෙම සීමාසහිත කාල වෙලාව ඇතුලත පන්ති වල මේස සහ බංකු සකස් කර ගැනීමට කිහිප දෙනෙකුගේ සහයෝගය අවශ්‍ය වී ඇත. දෙමාපියන්ගේ සහයෝගය නොලැබෙන නිසා, පසුගිය දිනවලදී වාර දෙකේම උගන්වන ගුරුවරියන් විසින් මෙම වැඩ කොටස සිදුකිරීමට සිදුවී ඇති බව ඉතාමත් කනගාටුවෙන් දැනුම් දෙමු.

මෙම තත්වය මගහරවා ගැනීම සඳහා නොවැම්බර් 18 වැනිදා, සිකුරාදා සිට මේ සඳහා දෙමාපියන්ගේ සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරමු. පහත සඳහන් කාල සටහන අනුව අදාළ පන්තිවල දරුවන්ගේ දෙමාපියන් හට දන්වා ඇති වේලාවන්හිදී දහම් පාසලට පැමිණ ඔබගේ දරුවන් රැගෙන යාමට පෙර පන්ති වල මේස සහ බංකු සකස් කර දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු. මේ සඳහා ඔබගෙන් ලැබෙන සහයෝගය අප ස්තුතිවන්ත වෙමු. පන්තියේ සියලුම දරුවන්ගේ දෙමාපියන් පැමිණියහොත් මෙම කාර්යය නිම කිරීමට විනාඩි 10 කට වඩා අඩු කාලයක් අවශ්‍ය වනු ඇත.

නොවැම්බර් 18 සිකුරාදා දින

වාරය වෙලාව පන්තිය සටහන
උදය වරුව පෙ ව. 8.30 ට (බුද්ධ වන්දනාව අවසානයේදී ) 4-2 4-2 පන්තියේ දරුවන්ගේ දෙමාපියන් උදෑසන බුද්ධ වන්දනාව අවසානයෙදී සහ පාසල් වාරය  අවසානයේදී සියලුම පන්තිවල මේස සහ බංකු සුදානම් කරන්න/පන්ති වලින් ඉවත් කර ශාලාව පිරිසිදු කරන්න.
පෙ ව. 11.15 ට (පන්ති අවසානයේදී)
දහවල් වරුව ප ව. 3.00 ට  (පන්ති අවසානයේදී) 3-2 3-2 පන්තියේ දරුවන්ගේ දෙමාපියන් පාසල් වාරය  අවසානයේදී ප ව 3.00ට සියලුම පන්තිවල මේස සහ බංකු ඉවත් කර ශාලාව පිරිසිදු කරන්න.
සවස්  වරුව ප ව. 6.25 ට (පන්ති අවසානයේදී) 1-2 1-2 පන්තියේ දරුවන්ගේ දෙමාපියන් පාසල් වාරය අවසානයේදී ප ව. 6.25 ට සියලුම පන්තිවල මේස සහ බංකු ඉවත් කර ශාලාව පිරිසිදු කරන්න.

නොවැම්බර් 18 සිකුරාදා දින ඉහත සඳහන් පන්තිවල දු දරුවන්ගේ දෙමාපියන් ට නියමිත වෙලාවට පැමිණ අපට සහයෝගය දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.

සටහන:
දරුවන්ගේ පහසුව සඳහා ඔබ පැමිණෙන තුරු ඔබෙගේ දරුවන් දහම් පාසලේ නැවතී සිටිනු ඇත. ඔබට පැමිණීමට අපහසුනම් දරුවා පාසලෙන් පිටතට එවීම සඳහා කරුණාකර අපට දන්වා එවන්න.