දහම් පාසලේ නව අධ්‍යයන වසර 2016-2017
දහම් පාසලේ නව අධ්‍යයන වසර 2016 සැප්තැම්බර් මස 16 වැනිදා සිකුරාදා ආරම්භ කල කරුණාවෙන් දැනුම් දෙමු. 2016-2017අධ්‍යයන වසර සඳහා සිසුන් 150 ට අධික ප්‍රමාණයක් සහභාගී වූ නිසා කලින් සඳහන් කල පරිදි පන්ති පැවැත්වෙන වේලාවන් වල වෙනසක් පහත සඳහන් පරිදි සිදුකල බව දන්වා සිටිමු.
පන්ති පැවැත්වෙන වේලාවන්:
- 4 සිට 8 වසර දක්වා පන්ති පෙරවරු 8:00 සිට දහවල් 11:15 දක්වා ද,
- 2 සහ 3 වසර සඳහා පන්ති දහවල් 11:45 සිට පස්වරු 3:00 දක්වා ද,
- 1 වසර සඳහා පන්ති පස්වරු 3:30 සිට සවස 6:25 දක්වා පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.
නව කාල වේලාවන් ඔක්තෝබර් මස 7 සිකුරාදා සිට ක්‍රියාත්මක වන බව කරුණාවෙන් සලකන්න. ආරම්භක වතාවත් පාසල ආරම්භ කිරීම විනාඩි 5 කට පෙර ආරම්භ කෙරෙන අතර ඒ සඳහා සහභාගී වීමට කාල වෙලා ඇතිව පැමිණෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.