දහම් පාසලේ නව අධ්‍යයන වසර 2016-2017
දහම් පාසලේ නව අධ්‍යයන වසර 2016 සැප්තැම්බර් මස 16 වැනිදා සිකුරාදා ආරම්භ වන බව කරුණාවෙන් දැනුම් දෙමු. 2016-2017 අධ්‍යයන වසර සඳහා පසුගිය වසරවල මෙන්ම නවක සිසුන් සියයකට අධික ප්‍රමාණයක් සහභාගී වේ යැයි බලපොරොත්තු වන අතර, ඒ සඳහා පහසුකම් සපයනු වස්, පන්ති පැවැත්වෙන වේලාවන් වල වෙනසක් පහත සඳහන් පරිදි සිදුකල බව දන්වා සිටිමු.
පන්ති පැවැත්වෙන වේලාවන්:
- 4 සිට 8 වසර දක්වා පන්ති පෙරවරු 8:00 සිට දහවල් 11:15 දක්වා ද,
- 2 සහ 3 වසර සඳහා පන්ති දහවල් 11:45 සිට පස්වරු 3:00 දක්වා ද,
- 1 වසර සඳහා පන්ති පස්වරු 3:30 සිට සවස 6:25 දක්වා පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.
සැප්තැම්බර් 16 වැනිදා, දහම් පාසලේ පන්ති සුපුරුදු ලෙස, එනම් උදෑසන පන්ති පෙ.ව. 9:00 සහ සවස පන්ති ප.ව. 1:10 ආරම්භ වන අතර ඉහත සඳහන් පන්ති පැවැත්වෙන නව කාල වේලාවන් සැප්තැම්බර් 23 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කරුණාවෙන් සලකන්න.
සැ.යු: 2016-2017 අයදුම් පත් භාරගැනීම අවසන් වූ පසු, නවක සිසුන්ගේ ප්‍රමාණය මත, දහම් පාසලේ කමිටුව විසින් මෙම වෙනස ස්ථිර කිරීම හෝ සාමාන්‍ය ආකාරයෙන් පන්ති පැවැත්වීම තීරණය කරන බවද කරුණාවෙන් දන්වා සිටිමු.