දහම් පාසල් වාර්ෂික මහා සභා රැස්වීම
නව අධ්‍යාපන වසරේ දහම් පාසල් වාර්ෂික මහා සභා රැස්වීම නොවැම්බර් මස 12 වැනිදා සෙනසුරාදා පෙ ව 9.00 ට දහම් පාසල් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දුදරුවන් යහපත් ගුණගරුක පුරවැසියන් ලෙසට මවුබිමට දායද කිරීම සඳහා අපමණ වෙහෙසක් දරා පවත්වාගෙන යන මෙම ජාතික මෙහෙවරින් දැයේ දරුවන්ට උපරිම ප්‍රයෝජන ලබා දීමට දෙමාපියන් ලෙසට ඔබගෙන් ලැබෙන දායකත්වය අප ඉතා අගය කර සිටිමු. මෙවර නව අධ්‍යයන වසර සඳහා ඇතුළු වූ නව දරුවන් 151 ක් සමග දහම් පාසල් ඉදිරි පැවැත්ම සාර්ථක කරගැනීම සඳහා දැනට පවතින ගැටළු ඔබ සමග සාකච්චා කර විධිමත් ලෙසට සැලසු සම්පාදනය කිරීම සඳහා මෙම රැස්වීමට සහභාගී වීම ඔබගේ වගකීමක් බව කරුණාවෙන් සලකන්න.
ඩුබායි දේශයේ ගරු කොන්සල් ජෙනරාල් චරිත යට්ටෝගොඩ මැතිතුමා ද මෙම මහා සභා රැස්වීමට සහභාගී වන අතර ඔබගේ පැමිණීම එතුමා හට කෙරෙන ගෞරවයක් වන අතර අපගේ ශක්තිමත් භාවය පෙන්වීමට ලැබෙන අවස්ථාවක්ද වනු ඇත.
මෙම රැස්වීම සඳහා උදේ වරුවේ, දහවල් වරුවේ සහ සවස් වරුවේ පන්ති වලට සහභාගී වන සියලුම දරුවන්ගේ දෙමාපියන් වෙත ආරාධනය කර සිටින අතර ඔබ සැමගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය බව අවධාරණය කර සිටිමු.
කරුණාකර පාසලට ඇතුල්වන දොරටුව අසල ඇති ලේඛනයේ ඔබගේ දරුවාගේ නම ඉදිරියෙන් ඔබගේ නම සහ අත්සන තබා ශාලාවට ඇතුල් වන්න.