තුන් සූත්‍රය කට පාඩම් දීමේ තරඟය 2016 තුන් වන අදියර – රතන සූත්‍රය

තුන් සූත්‍රය කටපාඩම් දීමේ තරඟයේ තුන් වන අදියර, රතන සූත්‍රය කටපාඩම් දීමේ තරඟය, 2016 පෙබරවාරි මස පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. ශ්‍රවනයට සහ කියවීමට නිර්දේශිත මූලද්‍රව්‍ය සහ අයදුම්පත් මෙම දැන්වීමේ පහත සටහනෙන් ලබාගන්න.

තුන් සූත්‍රය කටපාඩම් දීමේ පළමු සහ දෙවන අදියරයන් ඉතා සාර්ථක ලෙස පසුගිය වසර දෙක තුල පවත්වන්නට යෙදුනි. අප දැන් එහි තුන් වන අදියර, රතන සූත්‍රය කටපාඩම් දීමේ තරඟය, 2016 පෙබරවාරි මස පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.

ඔබගේ දරුවා මෙම දෙවන අදියරයට සහභාගි කරවීමට කැමැත්තේ නම් අදාල අයදුම්පත නිසිලෙස සම්පූර්ණ කර පන්තිභාර ගුරුතුමා/ගුරුතුමිය හට 2016 ජනවාරි මස 22 වැනිදා, සිකුරාදා සවස 3:00 ට පෙර ලැබෙන්නට සලස්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. සියලුම අදියරයන්ට උපකාරීවන ශ්‍රවනයට සහ කියවීමට නිර්දේශිත මූලද්‍රව්‍ය සහ අයදුම්පත් මෙම දැන්වීමේ පහත සටහනෙන් ලබාගන්න.

මෙම අදියරයට සමගාමීව පළමුවන අදියරය වන කරණීය මෙත්ත සූත්‍රය සහ දෙවන අදියරය වන මහා මංගල සූත්‍රය කටපාඩම් දීම ද පැවැත්වෙනු ඇත. පසුගිය වසරේ සහභාගී නොවූ හෝ සම්පූර්ණ සූත්‍රය කටපාඩම් නොදුන් හෝ සූත්‍ර කිහිපයක් පමණක් කටපාඩම් දුන් දරුවන්ට මෙම අදියරයන්ට සහභාගී විය හැක. ඒ සඳහා ද අයදුම්පත්‍රය සම්පූර්ණකර පන්තිභාර ගුරුතුමා/ගුරුතුමිය හට 2016 ජනවාරි මස 22 වැනිදා, සිකුරාදා සවස 3:00 ට පෙර ලැබෙන්නට සලස්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

මහා මංගල සූත්‍රය: ශ්‍රවනයට, කියවීමට, අයදුම්පත්‍රය, තේරුම
කරණීය මෙත්ත සූත්‍රය: ශ්‍රවනයට, කියවීමට, අයදුම්පත්‍රය, තේරුම
රතන සූත්‍රය: ශ්‍රවනයට, කියවීමට, අයදුම්පත්‍රය, තේරුම