දහම් පාසල නිවාඩු දීම පිළිබඳව දැන්වීමයි
දැනට ලෝකයේ බොහෝ රටවල් වල සහ මෙම රටේ පවතින කොරෝනා වෛරසය පැතිර යාමේ තර්ජනය හේතුවෙන්, අප කොන්සල් ජනරාල් කාර්යාලයේ උපදෙස් මත සහ මෙම රජය විසින් ප්‍රකාශයට පත් කළ පරිදි 2020 මාර්තු 6 වැනිදා සිට නැවත දැනුම් දෙන තුරු දහම් පාසැල නොපැවැත්වීමට තීරණය කොට ඇත.
මෙම කාලය තුළ පුනරීක්ෂණ පාඩම් දහම් පාසලේ විද්‍යුත් තැපෑල මඟින් ඔබවෙත එවීමට කටයුතු සුදානම් වෙමින් පවතින බවද දන්වා සිටිමු.
මෙම කාලය තුළ අපගේ දරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රජය විසින් දෙන උපදෙස් අනුගමනය කොට සෞඛ්‍ය සම්පන්න වීමට කල්පනාකාරී වනු ඇතැයි අපගේ විශ්වාසයයි.
මේ පවතින තත්වය ඉතා ඉක්මනින් සමනය වී මුළු ලෝ වැසියන්ට යහපතක් වේවායි පතා පවුලේ සියලු දෙනාම එක්ව දිනපතා නිවෙස්වල බුද්ධ වන්දනා කටයුතු සිදුකිරීම, තුන්සුත්‍රය, බන්ධ සුත්‍රය, බෝජ්ජංග පිරිත ආදී පිරිත් සජ්ජායනා කිරීම, මෛත්‍රී භාවනාවෙහි දීම වැනි ආගමානුකුල කටයුතුවල නිරත වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.