විශේෂ රැස්වීම – තාවකාලිකව නවත්වන ලද දහම් පාසැල් අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම

2017 ජනවාරි 13 වැනිදා පැවැත්වූ විශේෂ රැස්වීමට නොයෙකුත් හේතුන් මත සහභාගී වීම‍ට නොහැකි වූ දෙමාපියන්ගේ ඉල්ලීම් සලකා බලා එම දෙමාපියන්ගේ දරුවන් හටද දහම් පාසලේ අධ්‍යයන කටයුතු කරගෙන යාමට අවස්ථාව සැලසීමට දහම් පාසලේ කමිටුව සහ දෙමාපිය කමිටුව පහත සඳහන් පරිදි කටයුතු සුදානම් කරනු ඇත.

2017 ජනවාරි මස 13 පැවැත්වූ රැස්වීමට සහභාගී වී එදින නැවත ලියාපදිංචි කිරීමේදී නිකුත් කරන ලද හැඳුනුම් පත් ලබාගත් දරුවන් පමණක් එම හැඳුනුම් පත සමග ජනවාරි 20 වැනි දා සිට දහම් පාසලට සහභාගී විය හැකි බව දැනුම් දෙමු